Top News

කසළ ප්‍රවාහනයට චීනයෙන් දුම්රිය එන්ජින් 04 ක්. වියදම ඩොලර් මිලියන 8 ඉක්මවයි

ශ්‍රී ලංකාවේ නාගරික ප්‍රදේශවල එක්රැස්වන ඝන අපද්‍රව්‍ය කළමනාකරණය ප්‍රධාන ගැටලුවක්ව පවතින අතර, මීට විසඳුමක් ලෙස නාගරික ඝන අපද්‍රව්‍ය බැහැර කිරීම පිණිස පුත්තලම, අරුවක්කාලු ප්‍රදේශයේ සනීපාරක්ෂක බිම් පිරවුමක් සිදුකිරීම සඳහා ව්‍යාපෘතියක් ආරම්භ කොට ඇත. මෙම ව්‍යාපෘතිය යටතේ කැලණිය සිට අරුවක්කාලු දක්වා දුම්රිය මඟින් අපද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සිදුවන අතර, ඒ සඳහා දුම්රිය එන්ජින් 04 ක්, බහාලුම් වැගන්…

(0)Comments | June 20, 2018 2:41 pm

ඉදිකිරීම් සේවාවලින් ජාතිය ගොඩනැඟීමේ බදු ඉවතට

2017 අගෝස්තු 01 දිනට පෙර එළඹ ඇති ඉදිකිරීමේ ගිවිසුම් යටතේ සපයනු ලබන ඉදිකිරීම් සේවා, ජාතිය ගොඩනැගීමේ බද්දෙන් බද්දෙන් ඉවත් කිරීමට රජයේ අවධානය යොමුව තිබේ. මේ සඳහා අදාළ පනත් සංශෝධනය පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද යෝජනාවට අනුමැතිය හිමිව ඇත. විවිධ පාර්ශව විසින් කරනු ලැබ ඇති ඉල්ලීම්…

(0)Comments | June 20, 2018 2:38 pm

4 වෙනි මුදල් ප්‍රතිපත්තිය සතියකින් කල් යයි

2018 ජූනි 29 දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා මහ බැංකුවේ 2018 වසර සඳහා වන සිව්වන මුදල් ප්‍රතිපත්ති විවරණය ප්‍රකාශ කිරීම සතියකින් කල් දමා තිබේ. මේ අනුව 2018 ජූලි 06 දින පෙරවරු 7.30 ට මෙම සිව්වන මුදල් ප්‍රතිපත්ති විවරණය ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. ප්‍රතිපත්ති පොළී අනුපාතිකවල වෙනස්වීම් ඇතුළුව පවතින ආර්ථික තත්ත්වය පිළිබඳ විග්‍රහයක්…

(0)Comments | June 20, 2018 11:45 am

පුද්ගලික රෝහල්වල නැවතී ප්‍රතිකාර ලබන අයට වැට් ගෙවන්න පුළුවන් ආදායමක් තිබෙනවා – මංගල

වත්මන් ආණ්ඩුව පිහිටවූ අවස්ථාවේ පටන් මෙරට ජනතාවට වඩාත් සමීප මෙන්ම සහනදායී වෛද්‍ය සේවාවක් ලබා දීම යහපාලන රජයේ ප්‍රධාන අරමුණක් වූ බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. එළඹෙන ජූලි 01 සිට පුද්ගලික රෝහල්වල සේවාවන් කිහිපයකට අදාළ වූ වැට් බදු ඉවත් කිරීම සම්බන්ධයෙන් ඊයේ (19) පැවති මාධ්‍ය හමුවක් දී අමාත්‍යවරයා මේ බව පැවසීය. “අද…

(0)Comments | June 20, 2018 11:30 am

සහල් පර්යේෂණ කටයුතු සඳහා අන්තර්ජාතික සහාය

ශ්‍රී ලංකාවේ සහල් පර්යේෂණ කටයුතු සඳහා පූර්ණ දායකත්වය ලබා දීමට අන්තර්ජාතික සහල් පර්යේෂණ ආයතනයේ එකඟතාව පළ කොට ඇත. ඒ අනුව අන්තර්ජාතික සහල් පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය මැතිව් මොරල් මහතා (Dr. Mathive Morrell) සහ දකුණු ආසියානු කලාපයේ නියෝජිත ආචාර්ය නෆිස් මේ (Dr. Nafees Meah) මහතා ඇතුලු නියෝජිත පිරිසක් ඊයේ (19) කෘෂිකර්ම අමාත්‍යාංශය සමඟ අවබෝධතා ගිවිසුමකට…

(0)Comments | June 20, 2018 10:37 am

අන්තර්ජාතික සහල් පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ජනපති හමුවෙයි

දේශගුණික විපර්යාස හේතුවෙන් මෙරට සහල් නිෂ්පාදනයට සිදුවන බලපෑම අවම කර ගැනීම සඳහා චන්ද්‍රිකා තාක්ෂණය යොදා ගැනීමට අවශ්‍ය තාක්ෂණික සහය ලබාදීමට සූදානම් බව අන්තර් ජාතික සහල් පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි. අන්තර්ජාතික සහල් පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය Matthew Morel මහතා ඇතුළු නියෝජිත පිරිස ඊයේ(19) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමුවූ අවස්ථාවේදී…

(0)Comments | June 20, 2018 10:31 am

මාස 02 කදී කොටස් වෙළෙඳපොළ සියයට 4 කින් කඩා වැටිලා

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (19) දිනය තුළ දී ඒකක 44.78 කින් පහළ යන ලදී. මේ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය වාර්තා වූයේ ඒකක 6,265.73 වශයෙනි. මේ අනුව පෙර දිනයට වඩා සියයට 0.71 කින් අද දින කොටස් වෙළෙඳපොළ පහළ ගොස් තිබේ. සියලු කොටස් මිල දර්ශකය අඛණ්ඩව පහළ ගිය 9…

(0)Comments | June 19, 2018 3:56 pm

2018 පළමු කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 3.2 කින් ඉහළට

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2018 පළමු කාර්තුව සඳහා දළ දේශීය නිෂ්පාදිතය සහ අනෙකුත් සාර්ව ආර්ථික දර්ශක නිෂ්පාදන ප්‍රවේශය අනුව පවතින මිල ගණන් යටතේ සහ ස්ථාවර මිල ගණන් (2010) යටතේ ඇස්තමේන්තු නිකුත් කොට ඇත. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අනාවරණය කරන පරිදි 2018 පළමු කාර්තුව සඳහා ඇස්තමේන්තු කර ඇති ආර්ථික වර්ධන වේගය සියයට 3.2කි. මෙම වසරේ…

(0)Comments | June 19, 2018 2:40 pm

රජයේ සුරැකුම්වලින් රුපියල් බිලියන 2.7 ක විදෙස් ආයෝජන සතියක් තුළ දී ඉවතට

2018 ජූනි 06 සිට ජූනි 13 දක්වා සතියක කාලපරිච්ඡේදයක් තුළ දී රජයේ ආයෝජනවල කර තිබුණු රුපියල් මිලියන 2,723 ක සිය ආයෝජන ඉවත් කර ගැනීමට විදෙස් ආයෝජකයින් විසින් කටයුතු කර තිබේ. රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළ පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරනු ලබන සතිපතා වාර්තාවට අනුව 2018 ජූනි 13 දින වන විට විදෙස් ආයෝජකයින් විසින්…

(0)Comments | June 19, 2018 12:40 pm

මෙරට වෙළඳ හා ආයෝජන ඉඩ ප්‍රස්ථා පිළිබඳව සොයා බැලීමට බ්‍රිතාන්‍යයේ අවධානය

ශ්‍රී ලංකාවේ ග්‍රාමීය මට්ටමේ පාලම් සහ රෝහල් ඉදිකිරීම ආදී කටයුතු වෙනුවෙන් බ්‍රිතාන්‍ය වෙළඳ හා ආයෝජන ඉඩ ප්‍රස්ථා පිළිබඳව සොයා බැලීමට අපේක්ෂා කරන බව බ්‍රිතාන්‍යයේ වෙළඳ ප්‍රතිපත්ති පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ග්‍රෙග් හෑන්ඩ්ස් මහතා, ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග පැවත්වූ සාකච්ඡාවේ දී සඳහන් කළේය. කොළඹ වරාය නගරයේ සංවර්ධන කටයුතු පිළිබඳව රාජ්‍ය – පුද්ගලික හවුල්කාරීත්වය ගොඩනැගීම…

(0)Comments | June 19, 2018 11:13 am