ශ‍්‍රී ලංකාවේ බි‍්‍රතාන්‍ය කවුන්සිලය ශ‍්‍රී ලංකා – බි‍්‍රතාන්‍ය සහයෝගීතා සංවාදය සමරමින් ‘21 වැනි සියවසට ගැලපෙන වගකීම් සහගත අධ්‍යාපනයක්’ යන තේමාව යටතේ සුවිශේෂ වැඩසටහනක් පවත්වන ලදී. පසුගිය පෙබරවාරි 16 වැනි දින මහනුවර මහවැලි රීච් හෝටලයේදී එම වඩසටහන පැවැත්විණි. මෙම සුවිශේෂී මුලපිරීම බි‍්‍රතාන්‍ය කවුන්සිලයේ පාසල් වැඩසටහන සමග සම්බන්ධවී පවත්වනු ලැබූවකි. බි‍්‍රතාන්‍ය සහ ශ‍්‍රී ලංකාවේ පාසල් සම්බන්ධ කරමින්…
ශ්රී ලංකා රබර් කර්මාන්ත නිෂ්පාදනය පිළිබඳ මූලික සැලැස්ම එළිදැක්වීමේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා සිදු කෙරිණි. මෙම උත්සවය අරලියගහ මන්දිරයේදී පැවැති අතර අමාත්‍යවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
යතුරු පැදිකරුවන්ගේ ආරක්ෂක හිස්වැසුම් සම්බන්ධයෙන් නව නීති මැලැවක් රජය විසින් ගැසට් කර තිබේ. එහි සඳහන් වන පරිදි යතුරු පැදියක් පදවන තැනැත්තකු පළඳින හෝ භාවිතා කරන සෑම ආරක්ෂක හිස්වැසුමක් ම ශ්‍රී ලංකා ප්‍රමිති 517-1994 හෝ ආරක්ෂක හිස්වැසුම් සම්බන්ධයෙන් කලින් කළ අදාළ වන්නා වූ ප්‍රමිතීන්ට අනුකූල විය යුතු බවයි. තවද ආරක්ෂක හිස්වැසුමක්, එය පැළඳි විට එහි කිසිදු…
මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් සමාගමේ ක‍්‍රියාවලීන් සහ සේවා ලබාදීමේ අංශයේ සිදුකරමින් තිබෙන ඩිජිටල් නවෝත්පාදන කටයුතු සඳහා නායකත්වය ලබාදීම වෙනුවෙන් උපමාලිකා රත්නායක මහත්මිය සමාගමේ ප‍්‍රධාන ඩිජිටල් නිළධාරිනිය (CDO) ලෙස පත්කර තිබේ. රත්නායක මහත්මිය සෙලින්කෝ ලයිෆ් සමාගමේ වසර 17 ක කාලයක් සේවය කර තිබෙන අතර ඇය සමාගමේ පළමු ප‍්‍රධාන තොරතුරු නිළධාරිනියද (CIO) වූවාය….
කොළඹ වාණිජ මණ්ඩලය තම සංවිධානය දරණ ශ‍්‍රී ලංකා වෙළෙඳ ප‍්‍රදර්ශනය හා සැණකෙළිය මෙම මස 26 දා ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න්හි ක‍්‍රවුන් හෝටල් පරිශ‍්‍රයේ දී පැවැත්වේ. ඕස්ටේ‍්‍රලියාවේ පැවැත්වෙන වෙළෙඳ ප‍්‍රදර්ශනය අතර ශ‍්‍රී ලංකීක අනන්‍යතාවය සහිත එකම වෙළෙඳ ප‍්‍රදර්ශනය මෙය වේ. මෙම අවස්ථාව සඳහා ඕස්ටේ‍්‍රලියාවේ රටවල සියලූ ශ‍්‍රී ලංකික ප‍්‍රජාව එම වෙළෙඳ ප‍්‍රදර්ශනය පැවැත්වෙන මෙල්බර්න් නගරය වෙත පැමිණෙන අතර…
ජපානයේ, කෝබේ නගරයේදී පැවැත්වීමට නියමිත ‘ජාත්‍යන්තර වරායන් පිළිබඳ සමුළුව’ සඳහා සහභාගි වීමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙත ඇරියුම් ලැබී ඇත. මෙම සමුළුව ආසියානු කලාපයේ සමුද්‍රීය කටයුතු පිළිබඳ තොරතුරු හුවමාරු කරගැනීම සඳහා සුවිශේෂ අවස්ථාවක් වන අතර, එහි දී ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ ජපානයේ කෝබේ නාගරික රජයේ වරාය සහ නාගරික ව්‍යාපෘති කාර්යාංශය අතර අන්‍යෝන්‍ය ගිවිසුමකට එළඹීම…
එක්සත් ජනපද ඩොලරයක් සඳහා මෙතෙක් ඉතිහාසයේ වාර්තා වූ වැඩිම රුපියල් අගය අද (23) දිනයේ දී වාර්තා විය. අද දින නිකුත් කරන ලද ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 150.32 ක් ලෙසින් සටහන් වූ අතර විකුණුම් මිල රුපියල් 154.21 ක් ලෙසින් සටහන් විය. මේ අතර ඊයේ දිනයේ…
ශ්රී ලංකා මහ බැංකුව විසින් 2017 පෙබරවාරි 20 වැනි දින සිය නිල වෙබ් අඩවිය තුළින් මහජනතාවට පිවිසිය හැකි දත්ත සංචිතයක් දියත් කරන ලදී. ශ්‍රී ලංකා මහ බැංකුවේ මෙම දත්ත සංචිතය, මූර්ත, මුදල්, රාජ්‍ය මූල්‍ය, විදේශ සහ මූල්‍ය යන අංශ ආවරණය කරන විවිධ මාතෘකා යටතේ වන කාලශ්‍රේණි දත්තවලින් සමන්විත වඩාත් සවිස්තරාත්මක දත්ත ගබඩාවකි. එමගින් දත්ත අවශ්‍ය…
නිල් ආර්ථික වැඩපිළිවෙළ මගින් හඳුන්වා දී ඇති ධීවර කර්මාන්තය හා බැදුණු ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළ ඉතා ප්‍රශංසනීය බව කියුබානු තානාපතිනි Juana Elena Ramos Rodriguez මහත්මිය පැවසුවාය. තානාපතිනිය මේ බව පැවසුවේ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා ඊයේ (22) හමුවී සාකච්ජා කිරීමෙන් අනතුරුවය. ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශයෙදී මෙම සාකච්ජාව පැවති…
කොරියානු රජයේ මූල්‍ය ප්‍රදානයක් මත කුලියාපිටියේ ඉදිකිරීමට නියමිත තාක්ෂණ අධ්‍යාපනය පිළිබඳ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය සඳහා අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම ඊයේ (22) අධ්‍යාපන අමාත්‍යාංශයේදී සිදු කෙරිණි. මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සහ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී රාධක්‍රිෂ්ණන් මහතා එක් වූ අතර ශ්‍රි ලංකා රජය වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා අත්සන් කළ…
Video Story