Top News

කොටස් වෙළෙඳපොළට අලුතින් පුවරු දෙකක්

කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අවදානම තවදුරටත් අඩු කිරීමේ පරමාර්ථය ඇතිව ගෙවීම් පියවීම් හා හිමිකම් හුවමාරු පද්ධතියක් (Delivery Vs Payment Settlement System) ස්ථාපිත කිරීමේ කටයුතු මේ වන විට සිදුවෙමින් පවතින බව ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාවේ උපදේශක හිරාන් මෙන්ඩිස් මහතා පැවසීය. ගැනුම් හා විකුණුම් යන පාර්ශව දෙකේම අභිවෘද්ධිය සඳහා කොටස් හුවමාරුව සහ ඒ වෙනුවෙන් අදාළ…

(0)Comments | February 20, 2017 8:59 am

මොරිසන් පුතාගෙන් අලුත් වැඩකට ඩොලර් මිලියන 13.5 ක්

ජේ.එල්. මොරිසන්ස් සන් ඇන්ඩ් ජෝන්ස් (සිලෝන්) පීඑල්සී විසින් නව ඖෂධ නිෂ්පාදනාගාරයක් ඉදිරිකිරීම සඳහා පියවර ගෙන තිබේ. මේ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 13.5 ක ආයෝජනයක් සිදුකරනු ලබන බව සමාගම විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී සිටී. හෝමාගම පිටිපන පිහිටි SLINTEC නැනෝ තාක්ෂණ උද්‍යානයේ මෙම ඖෂධ නිෂ්පාදනාගරය ඉදිකිරීමට නියමිතය. මෙහි වාණිජ මෙහෙයුම් කටයුතු 2019 වසරේ දී…

(0)Comments | February 20, 2017 7:06 am

මිලියන 74 දාහක් ක්‍රෙඩිට් කාඩ්වල හිරවෙලා

2016 වසර අවසානය වන විට මෙරට ජනතාව විසින් රුපියල් මිලියන 74,892 ක් ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා ගෙවිය යුතුව ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම වාර්තාවක සඳහන් වේ. මෙය 2015 වසර අවසානයේ දී වාර්තා වූ රුපියල් මිලියන 63,010 හා සැසඳීමේ දී සියයට 18.86 ක ඉහළ යාමකි. මේ අතර 2015 වසරේ දී මෙරට සක්‍රීය ක්‍රෙඩිට් කාඩ්පත් ප්‍රමාණය…

(0)Comments | February 20, 2017 5:58 am

අද වරුවක බැංකු නිවාඩුවක්

2017 පෙබරවාරි 04 වන දිනට යෙදී තිබුණු ජාතික නිදහස් දින නිවාඩුව සෙනසුරාදා දිනයකට යෙදී තිබුණු හෙයින් ඒ වෙනුවට අද (17) දිනයේ දී දින භාගයක බැංකු නිවාඩුවක් ප්‍රකාශයට පත් කර ඇත. මේ හේතුවෙන් අද දින කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ද මධහ්න 12.00 ට නතර කෙරිණි.

(0)Comments | February 17, 2017 6:34 am

දෙසැම්බර් කාර්තුවේ දී ලංකා IOC ලාභ සියයට 80 කින් බසී

බදු ඉහළ යාම හා මිල පාලන නීති හේතුවෙන් 2016 දෙසැම්බර් 31 න් අවසන් කාර්තුවේ දී ලංකා IOC සමාගමේ ලාභය 2015 දෙසැම්බර් කාර්තුව හා සැසඳීමේ දී රුපියල් මිලියන 257.5 දක්වා සියයට 80 කින් පහළ ගොස් තිබේ. සිය නවතම මූල්‍ය වාර්තාවන් කොළඹ කොටස් වෙළෙඳපොළ ඉදිරිපත් කරමින් සමාගම විසින් මේ බව හෙළිදරව් කර ඇත. මේ අතර 2016 සැප්තැම්බර්…

(0)Comments | February 17, 2017 6:10 am

කාර්මික සංවර්ධන මණ්ඩලය මගින් පවුඩර් කෝටින් සහ ප්ලාස්ටික් කෝටින් පිළිබඳව එක් දින තාක්ෂණික වැඩමුළුවක්

කාර්මික සංවර්ධන මණ්ඩලය මගින් පවුඩර් කෝටින් සහ ප්ලාස්ටික් කෝටින් පිළිබඳව එක් දින තාක්ෂණික වැඩමුළුවක් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ උපදේශකත්වය ඇතිව ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය විසින් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සංවර්ධනය කිරීමේ විශේෂ වැඩසටහනක් මෙම වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. ඒ යටතේ කාර්මික සංවර්ධන මණ්ඩලයේ තාක්ෂණික සේවා අංශය මගින් පවුඩර් කෝටින් සහ…

(0)Comments | February 17, 2017 5:07 am

මූල්‍ය පිරිවැය ඉහළට – ලාෆ්ස් ලාභ, අලාභ වෙයි

2017 දෙසැම්බර් 31 න් අවසන් මූල්‍ය කාර්තුව සඳහා ලාෆ්ස් ගෑස් පීඑල්සී විසින් ශුද්ධ අලාභයක් වාර්තා කර ඇති බව කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශයෙහි සඳහන් වේ. මෙහිදී අදාළ කාර්තුව තුළ දී රුපියල් මිලියන 185.66 ක ශුද්ධ අලාභයක් වාර්තා කර තිබෙන අතර 2015 දෙසැම්බර් කාර්තුව තුළ දී සමාගම විසින් වාර්තා කර තිබෙන ශුද්ධ…

(0)Comments | February 16, 2017 10:52 am

එක් වීමේ අදහස රේණුකා අත්හරී

රේණුකා කන්සියුමර් ෆුඩ්ස් ලිමිටඩ් සහ රේණුකා ෆුඩ්ස් පීඑල්සී සමාගම ඒකාබද්ධ කිරීමට ගනු ලැබූ තීරණය අත් හළ බව රේණුකා ෆුඩ්ස් පීඑල්සී විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී සිටී. මෙහිදී සමාගම විසින් වැඩිදුරටත් කියා සිටින්නේ තම බදු උපදේශකයින් විසින් අදාළ සමාගම් දෙක ඒකාබද්ධ නොකරන ලෙස උපදෙස් දී ඇති බවත් ඒකක දෙකක් ලෙසටම දිගටම පවත්වා ගෙන යාම…

(0)Comments | February 16, 2017 9:57 am

Oxford Elevators සමාගම මෙරට ව්‍යාපාරික කටයුතු ආරම්භ කරයි

දේපළ සහ වාණිජ යටිතල පහසුකම් ක්ෂේත්‍රයේ ශීඝ්‍ර වර්ධනයත් සමග වියදම් කාර්යක්ෂම විකල්ප වාණිජ නඩත්තු විසඳුම් සඳහා ඇති වී තිබෙන ඉල්ලුම මැනවින් හඳුනා ගනිමින් Oxford Elevators සමාගම පසුගියදා මෙරට සිය ව්‍යාපාරික කටයුතු ආරම්භ කළේය. එම සමාගමේ ප්‍රාරම්භක සහ සභාපති එස්.ජේ.කාදර් සහිබු මහතාගේ දැක්ම සහ මගපෙන්වීම අනුව මෙම පියවර ගනු ලැබිණි. Oxford Elevators එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ…

(0)Comments | February 16, 2017 9:16 am

රාමා ට සංඛ්‍යාත දී නැහැ – TRC වරදින් ගූගල් ශ්‍රී ලංකාව හැර යයි?

ගූගල් ලූන් ව්‍යාපෘතිය මේ වන විට ශ්‍රී ලංකාවට අහිමි වීමේ අවදානමක් පවතින බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය. ගූගල් ලූන් ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වර්තමානයේ දී එල්ල වී ඇති ඇතැම් විවේචන සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීම සඳහා අද (16) දින කැඳවන ලද මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මේ බව අවධාරණය කර සිටියේය. මෙහිදී වැඩිදුරටත්…

(0)Comments | February 16, 2017 8:58 am