Top News

ත්‍රීවිල් මීටරේ අනිවාර්යයි. රිසිට් නිකුත් කරන්නත් නියෝගයක්

කුලියට තැනැත්තන් හෝ භාණ්ඩ ප්‍රවාහනය කිරීම සඳහා හෝ අන්‍යාකාරයකින් මෝටර් ට්‍රසියිකලයක් භාවිතා කරනු ලබන සෑම මෝටර් ට්‍රයිසිකලයක අයිතිකරු විසින් සියලු අවස්ථාවල දී ක්‍රියාත්මකව පවතින ටැක්සි මීටරයක් එහි සවිකර තිබිය යුතු බවට මෝටර් වාහන පනත යටතේ අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 2017 ජනවාරි 09 වැනි දින ප්‍රසිද්ධ කරන ලද අංක 2001/2 දරන අතිවිශේෂ ගැසට් නිවේදනයට…

(0)Comments | January 13, 2017 12:03 am

ජපානයෙන් ඖෂධ නිෂ්පාදනාගාරයක්

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව ඖෂධ නිෂ්පාදන ධාරිතාවය වැඩිදියුණු කිරීම සදහා අදාල යටිතල පහසුකම් සහ නවීන යන්ත්‍රෝපකරණ සහිතව නව ඖෂධ නිෂ්පාදනාගාරය ඉදිකිරීම සදහා ජපානය සමග ගිවිසුම් අත්සන් කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පසුගියදා සිදු කෙරිනි. සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ගිවිසුම අත්සන් කිරිම සිදුවිය. අමාත්‍යාංශය වෙනුවන් සෞඛ්‍ය ලේකම් අනුර ජයවික්‍රම මහතා…

(0)Comments | January 13, 2017 12:01 am

“The Indian Ocean“ සමුළුවට හර්ෂ එක්වෙයි

සිංගප්පූරු – ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම පිළිබඳවත් සාකච්ඡා කරයි සිංගප්පූරු ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යන ආයතනය (ISAS) විසින් සංවිධානය කළ “The Indian Ocean“ නැමති සමුළුවේදී විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා 2017 ජනවාරි 09 වනදා ආරාධිත දේශනයක් සිදුකළ අතර එහි විද්වත් මණ්ඩල සාකච්ඡාව සඳහාද සහභාගී වී අදහස් දැක්වීය. මෙම අවස්ථාවට…

(0)Comments | January 11, 2017 12:37 pm

යුරෝපයට භාණ්ඩ යැවීමට ජීඑස්පී ප්ලස් සහනය යළිත් ශ්‍රී ලංකාවට

යුරෝපානු සංගමය වෙත භාණ්ඩ අපනයනය කිරීමේ දී පනවා තිබූ සම්බාධක ඉවත් කරමින් සහ යුරෝපීය වෙළෙඳපොළ වෙත පිවිසීමට ඇති ප්‍රස්ථාවන් තවදුරටත් වර්ධනය කරමින්, ජීඑස්පී ප්ලස් බදු සහනය යළිත් වරක් ශ්‍රී ලංකාවට ප්‍රදානය කිරීමට පියවර ගත් බව යුරෝපානු කොමිසම විසින් අද දිනයේ දී නිල වශයෙන් දැනුම් දෙන ලදී. මානව හිමිකම්, කම්කරු කොන්දේසි, පරිසර ආරක්ෂණය හා යහ පාලනය…

(0)Comments | January 11, 2017 11:58 am

සංචිත ශක්තිමත් කරන්න ඩොලර් මිලියන 1,500 ක සංවර්ධන බැඳුම්කර නිකුත් කෙරේ

දේශීය ණය ගැනීමේ වැඩසටහනේ නම්‍යශීලිභාවය හා රටෙහි සංචිත ශක්තිමත් කරමින් 2017 වසරේ රාජ්‍ය ණය වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 1,500ක් දක්වා වූ ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධීක්ෂණය යටතේ නිකුත් කිරීම පිණිස මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

(0)Comments | January 11, 2017 9:37 am

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියානු රජය අතර සංවර්ධන සහයෝගිතාව සඳහා වන එකඟතා ගිවිසුමට අනුමැතිය

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර සංවර්ධන සහයෝගිතාව වසර 60කට වඩා ඔබ්බට දිව යන අතර, විවිධ විෂය ක්ෂේත්‍රයන්හි දිගුකාලීන ශිෂ්‍යත්ව ශ්‍රී ලංකාව වෙත ලබා දෙනු ලබන ප්‍රමුඛ රටක් ලෙස ඕස්ට්‍රේලියාව සැලකිය හැකිය. ඕස්ට්‍රේලියානු ආධාර වැඩසටහන් ශ්‍රී ලංකාව තුළ වඩාත් සුමට ලෙස ක්‍රියාත්මක කිරීම තහවුරු කිරීම සඳහා දෙරට අතර අවබෝධතා ගිවිසුමක් 1998 වර්ෂයේදී ඇති කර ගැනුණු අතර,…

(0)Comments | January 11, 2017 7:55 am

දැවි තෙල් විදුලි බලාගාරවල ගිවිසුම් කාලය දීර්ඝ කෙරේ

දිවයිනේ දැනට පවතින වියළි කාලගුණික තත්ත්වය මත ඉදිරියේදී ඇති විය හැකි විදුලිබල හිඟයට මුහුණ දීමට සහ රට තුළ අඛණ්ඩ විදුලිය සැපයීමක් පවත්වාගෙන යාම සඳහා, විදුලිය මිල දී ගැනීමට අදාළව ලංකා විදුලිබල මණ්ඩලය සහ පහත සඳහන් සමාගම් අතර වන ගිවිසුම්, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවේ නිර්දේශ පරිදි දීර්ඝ කිරීම සඳහා විදුලිබල හා…

(0)Comments | January 11, 2017 7:51 am

වැඩවර්ජනයේ නියුතු ශ්‍රී ලංකා ටෙලිකොම් හා හියුමන් කැපිටල් සොලූෂන් වෘත්තීය සමිති වෙත අධිකරණ වාරණ නියෝග

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයෙහි දැනට වැඩ වර්ජනයෙහි යෙදී සිටින වෘත්තීය සමිති කිහිපයකට හා හියුමන් කැපිටල් සොලූෂන් ආයතනයෙහි සේවකයන් විසින් දියත්කොට ඇති වැඩවර්ජන විරෝධතා ව්‍යාපාරයට එරෙහිව නියෝගයන් කොළඹ දිසා අධිකරණය හා කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය මගින් නිකුත් කර ඇත. කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණ නඩු අංක B 4132/16 ට අනුව ශ්‍රී ලංකා ටෙලිකොම් හා හියුමන් කැපිටල් සොලූෂන්…

(0)Comments | January 11, 2017 6:30 am

අර්ථ සාධක අරමුදලට ලංකාවේ සමාගම් සියල්ල මිල දී ගන්න පුළුවන් – අගමැති කියයි VIDEO

ජෝන් කීල්ස්, එයිට්කන් ස්පෙන්ස්, හේලීස්, ඇක්සෙස් සමාගම් අතුරින් එකක්වත් ලංකාවේ ධනවත්ම සමාගම නොවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ මෙරට ධනවත්ම වාණිජ සංවිධානය සේවක අර්ථ සාධක අරමුදල (EPF) බවයි. අවශ්‍ය නම් මෙම සමාගම් සියල්ල මිල දී ගැනීමේ හැකියාව සේවක අර්ථ සාධක අරමුදල සතුව ඇති බව ද අග්‍රමාත්‍යවරයා…

(0)Comments | January 11, 2017 5:37 am

‘හාබර් විලේජ්‘ වෙනුවෙන් ඇක්සෙස් වෙතින් බිලියන 2 ක ආයෝජනයක්

කොළඹ 15, ශ්‍රීමත් රාමනාදන් මාවතේ ක්‍රියාත්මක කිරීමට යෝජිත මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් වෙනුවෙන් රුපියල් බිලියන 2.295 ක ආයෝජනයක් කිරීම සඳහා ගිවිසුම් අත්සන් කළ බව ඇක්සෙස් ඉංජිනියරින්ග් පීඑල්සී නිවේදනය කර සිටී. ඇක්සෙස් ඉංජිනියරින්ග්, මුස්ටාෆාස් පුද් සමාගම හා චයිනා හාබර් ඉංජිනියරින්ග් කම්පැනි ලංකා ලිමිටඩ් අතර වූ බද්ධ ව්‍යාපාර සමාගමක් ලෙසින් ස්ථාපිත කර ඇති හොටේල් 10 පුද් සමාගම මගින්…

(0)Comments | January 11, 2017 5:17 am