මේ වන විට ඉදිකිරීමේ කටයුතු සිදුවෙමින් පවතින Amari Galle Sri Lanka සුබෝපභෝගී හෝටල් සංකීර්ණය 2016 වසරේ අවසාන භාගයේ දී විවෘත කිරීමට සැලසුම් කර ඇතැයි වාර්තා වේ. කාමර 172 කින් යුතු මෙම හෝටල් සංකීර්ණයේ ඇති විශේෂත්වය වනුයේ මෙහි ඇති කාමර සියල්ලක්ම පාහේ වෙරළට මුහුණ ලා ඉදිකිරීමයි. දකුණු වෙරළ තීරයේ ගාල්ලේ පිහිටි Amari Galle Sri Lanka, සුප්‍රකට…
රේණුකා සමූහයේ සමාගම් දෙකක් වන රේණුකා ඇග්‍රි ෆුඩ්ස් පීඑල්සී හා එහි පූර්ණ අනුබද්ධ සමාගමක් වන රේණුකා ඕගනික්ස් (පුද්) සමාගම, තනි සමාගමක් ලෙසින් ඒකාබද්ධ වන බව නිවේදනය කර සීටී. මේ අනුව 2016 මාර්තු 31 දින සිට ඒකාබද්ධ වූ මෙම සමාගම් ද්විත්වය තනි සමාගමක් වශයෙන් රේණුකා ඇග්‍රි ෆුඩ්ස් පීඑල්සී නමින් ක්‍රියාත්මක වනු ඇත.
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ පැමිණීමේ හා පිටත්වීමේ පර්යන්ත දෙකෙහි තීරු බදු රහිත වෙළෙඳසැල් පවත්වා ගෙන යාම පිණිස වසර 05 ක ගිවිසුම් කාලයක් සඳහා ටෙන්ඩර් පටිපාටියට අනුකූල වඩාත් විනිවිදභාවයකින් යුතුව ලංසු කැඳවීම සඳහා අමාත්‍ය මණ්ඩල ප්‍රසම්පාදන කමිටුවක් සහ තාක්ෂණ ඇගයීම් කමිටුවක් පත් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගමට වඩාත් වාසිදායක ප්‍රතිඵල…
ලාෆ්ස් හෝල්ඩිංග්ස් හි අනුබද්ධිත සමාගමක් වන ලාෆ්ස් ෆාමසියුටිකල් (පුද්) සමාගම අද (29) දිනයේ දී මෙරට විශාලතම ඖෂධ නිෂ්පාදනාගාරයේ ඉදිකිරීම් සඳහා මුලපුරනු ලැබීය. කොග්ගල අපනයන සැකසුම් කලාපය තුළ ඉදිකෙරන මෙම කර්මාන්තශාලාව සඳහා මුල් පස්පිඩැල්ල කැපීමේ කටයුතු අද දින සිදුවූ ඒ සඳහා ලාෆ්ස් සමූහ ව්‍යාපාරයේ සභාපති ඩබ්.කේ.එච්. වෑගපිටිය මහතා ඇතුළු සමාගමේ ඉහළ නිලධාරීහූ පිරිසක් එක් වී සිටියහ….
මහල් නිවාස සංකීර්ණයක් ඇතුළත් නේවාසික හෝටල් පහසුකම් ඉදි කර සංවර්ධනය කිරීම සඳහා වෝටර්ස් එජ් පරිශ්‍රය තුළ ආරම්භ කර ඇති ඉදි කිරීම් මේ වන විට අත්හිටුවා ඇති බැවින් එම කටයුතු යළි ආරම්භ කිරීම සඳහා පියවර ගෙන තිබේ. නාගරික සංවර්ධන අධිකාරිය සතු සමාගමක් ලෙසින් 2014 වසරේ දී ස්ථාපිත කෙරුණු ‘වෝටර්ස් එජ් හොටෙල් ඩිවලොපර්ස්‘ සමාගම විසින් පෞද්ගලික ආයතනයක්…
පීසී හවුස් පීඑල්සී හා පීසී ෆාමා පීඑල්සී යන ලැයිස්තුගත සමාගමේ දෙකෙහි කොටස් ගනුදෙනු වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට කොළඹ කොටස් වෙළෙඳපොළ අද (28) තීරණය කර තිබේ. කොටස් වෙළෙඳපොළ ලැයිස්තුගත නියාමනයන් හා ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්වලට අනුව, මෙම සමාගම් දෙකට අදාළ 2014 මාර්තු 31 න් අවසන් සහ 2015 මාර්තු 31 න් අවසන් මූල්‍ය වර්ෂ සඳහා වන…
පසුගිය ජනවාරි 16 වන දින සිට වාණිජ බැංකුවල සියලු රුපියල් තැන්පතු වගකීම් සඳහා වන ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය (SRR) 6% සිට 7.5% දක්වා වැඩිකිරීම තුළින් දේශීය වෙළෙඳපොළෙහි අතිරික්ත ද්‍රවශීලතාව පහළ බැස ඇතැයි මහ බැංකුව නිවේදනය කර සිටී. මේ අනුව 2015 දෙසැම්බර් මාසයේ දී හා 2016 ජනවාරි මාසයේ මුල් සති දෙක තුළ රුපියල් බිලියන 90 කට ආසන්න…
මේ වන විට දෙවන දිනයටත් ප්‍රංශයේ පැරිස් නුවර කුලී රථ රියැදුරන් වර්ජනයක නිරත වන බව රොයිටර් පුවත් සේවය වාර්තා කර සිටී. මීට හේතු වී ඇත්තේ Uber ජංගම දුරකතන ඇප්ස් හරහා වාහන ලබා ගැනීමට ජනතාව යොමු වී තිබීම හා ඉතා අඩු මිල ගණන්වලට ගමන් බිමන් යාමට Uber විසින් කුළී රථ සැපයීමට එරෙහිවයි. මෙම තත්ත්වය තුළ තමන්ට…
මෙරට දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා තවදුරටත් සහාය දැක්වීමේ බලාපොරොත්තුවෙන් පසුවන බව IRCON ඉන්ටර්නැෂනල් ලිමිටඩ් හි ව්‍යාපෘති අධ්‍යක්ෂ එස්.එල්. ගුප්තා මහතා පැවසීය. ඒ මහතා මේ බව කියා සිටියේ ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. මෙලෙස IRCON ඉන්ටර්නැෂනල් ලිමිටඩ් විසින් බලාපොරොත්තු වන ව්‍යාපෘති වන්නේ අනුරාධපුර-ඕමන්තේ, අනුරාධපුර-මාහෝ හා මාහෝ-පොල්ගහවෙල දක්වා වන කිලෝමීටර 60 බැගින් වූ දුම්රිය මාර්ගයන්ය….
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (27) දිනයේ දී කැඳවා තිබූ භාණ්ඩාාගර බිල්පත් වෙන්දේසියේ සඳහා ඉදිරිපත් වූ කිසිදු ලංසුවක් හෝ භාර නොගැනීමට මහ බැංකුව විසින් කටයුතු කර තිබේ. අපේක්ෂිත පොළී අනුපාතිකයන්ට අනුව ලංසු නොලැබී යාම මීට හේතුවයි. කල්පිරීමේ කාලසීමා තුනකින් යුක්ත මෙම නිකුතුව සඳහා දින 91 – මිලියන 2,500 ක්, දින 182 – මිලියන 10,000…
Video Story