දෛනික ජීවිතයේ දී පොදු මහජනතාවට බරක් නොවන ආකාරයට හා ඔවුන් ආර්ථික අපහසුකම්වලට පත්නොවන අයුරින් රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති හා මූල්‍ය විනය ක්‍රියාමත්මක විය යුතු බව අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. අද (02) දින ආරම්භ වූ ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකා ආර්ථික සමුළුව 2016 සමාරම්භක සැසිය අමතමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය. මෙහිදී…
රථවාහන ඇතුළු භාණ්ඩ ආනයන වියදමෙහි වාර්තා වූ අඩු වීම් අනුව 2016 අප්‍රේල් මාසයේ දී ආනයන වියදම 2015 වසරේ අනුරූප මාසයට සාපේක්ෂව ඇමරිකානු ඩොලර් මිලියන 1,461 දක්වා 2% කින් අඩු වී තිබේ. රථවාහන ආනයනය අඩු කිරීම සඳහා රජය විසින් ගනු ලැබූ ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ගයන් හි බලපෑම පිළිබිඹු කරමින්, 2016 අප්‍රේල් මාසයේ දී පෞද්ගලික රථවාහන ආනයන වියදම පෙර…
යුරෝපයේ ගෙවීම් හා ගනුදෙනු සේවා කර්මාන්තයේ ප්‍රමුඛ ආයතනයක් වන Worldline, සිය ව්‍යාපාරික කටයුතු ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත කරන බව නිවේදනය කර සිටී. මේ අනුව සිංගර් ෆිනෑන්ස් ලංකා පීඑල්සී සමඟ එක් වී ක්‍රෙඩිට් කාඩ්පත් නිකුත් කිරීමට Worldline කටයුතු කරනු ලබන අතර ශ්‍රී ලංකාව තුළ බැංකු නොවන මූල්‍ය ආයතනයක් විසින් ක්‍රෙඩිට් කාඩ්පත් නිකුත් කරනු ලබන පළමු අවස්ථාව…
කටාර් සිට ස්වභාවික ද්‍රැවීය ගෑස් ආනයනය කෙරෙහි අවධානය යොමුව ඇති බව කටාර් හි ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ඩබ්.එම්. කරුණාදාස මහතා පැවසීය. ගල්ෆ් ටයිම්ස් පුවත් සේවය හා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් තානාපතිවරයා මේ බව කියා සිටියේය. “මෙම වසර අග භාගයේ දී ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටාර් හි සංචාරය කිරීමට සැලසුම් කර සිටිනවා. එහිදී විශේෂයෙන්ම බලශක්ති…
ශ්‍රී ලංකා රජය විසින් ගෙන යන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 100 ක ණය පහසුකමක් අනුමත කර ඇති බව ලෝක බැංකුව නිවේදනය කර සිටී. ලෝක බැංකුව විසින් අනුමත කරන ලද මෙම ණය පහසුකම ජාත්‍යන්තර සංවර්ධන සංගමය (International Development Association – IDA) හරහා ශ්‍රී ලංකාවට හිමි වීමට නියමිතය. ශ්‍රී ලංකාව මේ වන විට සිය…
ශ්‍රී ලංකාවේ “සංවර්ධන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම” සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 90 ක ණය ආධාර මුදලක් (යෙන් බිලියන 10 ක්) ලබාදීමට ජපාන රජය තීරණය කරයි. මීට අදාළ ප්‍රකාශ ලියවිල්ල, ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කෙනිචි සුගනුමා විසින්, මුදල් අමාත්‍ය රවී කරුණානායක වෙත පසුගිය දා (30) මුදල් අමාත්‍යාංශයේ දී භාරදෙනු ලැබීය. 2016 අයවැය මඟින්, රටේ සංවර්ධන කටයුතු වෙනුවෙන්,…
ශ්‍රීලංකන් ගුවන්සේවයේ නව සන්නාම තානාපතිනිය ලෙසින් සුපිරි බොලිවුඩ් නිළි ජැකලීන් ෆර්නැන්ඩස් පත් කර තිබේ. මේ සම්බන්ධ ගිවිසුම් අත්සන් තැබීම පසුගිය සිකුරාදා (29) මුම්බායි නුවර St. Regis හෝටලයේ දී සිදුකෙරිණි. එහිදී ශ්‍රීලංකන් ගුවන්සේවයේ සභාපති අජිත් ඩයස් විසින් අදාළ ගිවිසුම බොළිවුඩ් නිළි ජැකලීන් ෆර්නැන්ඩස් වෙත භාර දෙන ලදී. 2016 මාර්තු 31 වන විට ශ්‍රීලංකන් ගුවන්සේවයේ සම්පූර්ණ ණය…
ශ්‍රී ලංකාවේ ආනයන අපනයන අංශයට නැව්ගත කරන්නන්ගේ සංගමය විශාල දායකත්වයක් සපයන බව වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. එතුමා මේ බව පැවසූයේ නැව්ගත කරන්නන්ගේ සංගමයට වසර 50 ක් සැපිරීම නිමිත්තෙන් ඊයේ (29) සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවති උත්සවයේදීය. අර්ජුන රණතුංග අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසූයේ සේවකයින්ගේ අඛණ්ඩ කැපවීම, උත්සාහය හා නිසි කලමනාකාරීත්වය ආයතනයේ දියුණුවට…
ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යංශය සහ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඒකාබද්ධව අපනයන කෘෂිකර්මාන්තයේ නියැලෙන පුද්ගලයන් වෙනුවෙන් විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් සහ ප්‍රදර්ශනයක් අද (29) මහනුවර කැන්ඩි සිටි සෙන්ටර්හිදී ආරම්භ කරන ලදී. මෙම ප්‍රදර්ශනය අද සිට 31 වැනි දින දක්වා දින තුනක කාලයක් පෙ.ව. 9.00 සිට ප.ව. 7. 00 දක්වා පැවැත්වීමට කටයුතු සංවිධානය කොට තිබේ. අපනයන බෝග වගා කරන…
කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සපුරා ගැනීම සඳහා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව, මහා භාණ්ඩාගාරයෙන් ණය මුදලක් ඉල්ලා තිබේ. මේ අනුව ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කාරක සභාවේ නිර්දේශය පරිදි භාණ්ඩාගාර ඇපකරයක් නිකුත් කිරීම පිණිස ඉදිරිපත් කෙරුණු යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත. රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව වෙත රාජ්‍ය ආයතනවලින් කොන්ත්‍රාත් විශාල ප්‍රමාණයක් පවරනු ලැබ ඇති අතර එම කටයුතු…
Video Story