දැඩි නීති තිබෙන සෞදි අරාබියේ කොටස් වෙළඳ පොළේ ආයෝජන කටයුතු පළමු වරට විදේශිකයින්ට සෘජුවම විවෘත කිරීමට සූදානම් වනබව වාර්තා වේ. මේ අනුව, 2015 පළමු අර්ධය වනවිට විදේශීය ආයෝජකයින්ට සෞදි කොටස් වෙළඳ පොළේ ආයෝජනය කිරීමට හැකිවනු ඇති බවත් මෙම තීරණය සමග එරට කොටස් වෙළඳ පොළ ගනුදෙනු මේ වනවිට ඉහළ ගොස් තිබෙන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි….
ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපතිවරයෙකු වන සී.ජේ.පී. සිරිවර්ධන මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ ලේකම්වරයා ලෙස පත් කර තිබේ. සිරිවර්ධන මහතා රුහුණු විශ්ව විද්‍යාලයෙන් කෘෂි කර්මය පිළිබඳ ගෞරව උපාධියක් ලබා ගනිමින් 1986 දී කාර්ය මණ්ඩල නිළධාරියෙකු ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවට එක්විය. 1994 වසරේදී වෝවික් සරසවියෙන් හෙතෙම පශ්චාත් උපාධිය ලබා ඇත. මෙම නව…
ගාල්ල, බද්දේගම පිහිටි Okta PVC Lanka (PVT) Ltd සමාගමේ පී.වී.සී. බට නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාව ඇතුළු එම සමාගමේ සියළු වත්කම් මිලදී ගනිමින් ඩී.එස්.අයි. සමූහ ව්‍යාපාරය මුල් වරට පී.වී.සී. බට නිපදවීමේ ව්‍යාපාරික කටයුතු ආරම්භ කිරීමට සූදානම් වේ. මේ පිළිබඳව අප සමග අදහස් දක්වමින් ඩී.එස්.අයි. සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ, කුලතුංග රාජපක්ෂ මහතා පැවසුවේ Okta PVC Lanka (PVT)…
රජය නිකුත් කළ 1857/8 දරන විශේෂ ගැසට් නිවේදනය මගින් පනවා තිබූ බදු ඉවත් කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර ඇත. මේ අනුව, බැංකු, මූල්‍ය ආයතන, රක්ෂණ ආයතන ඇතුළු ලාභ අලාභ ගිණුම් පවත්වාගෙන යනු ලබන රාජ්‍ය හා පෞද්ගලික ආයතන සේවකයින්ගේ නිවාස ණය පොලී, ආපදා ණය පොලී, වාහන ණය පොලී, වෛද්‍ය වියදම් ප්‍රතිපූර්ණ කිරීම, අතිකාල දීමනා…
මෙරට මූල්‍ය අංශය ඒකාබද්ධ කිරීමේ වැඩසටහනට අනුව යමින් රුපියල් මිලියන 500 ක මුදලකට ජෝර්ජ් ස්ටුවර්ට් ෆිනෑන්ස් සමාගමේ පාලිත කොටස් අයිතිය මිලදී ගැනීමට දේශෝදය ඩෙවලොප්මන්ට් ෆිනෑන්ස් ලිමිටඩ් සමාගම ගිවිසුමකට එළඹ තිබේ. මේ අනුව, ජෝර්ජ් ස්ටුවර්ට් ෆිනෑන්ස් සමාගමේ ප්‍රධාන කොටස් කරුවන් වන ජෝර්ජ් ස්ටුවර්ට් ඇන්ඩ් කම්පනි ලිමිටඩ් සහ කැපිටල් ට්‍රස්ට් හෝල්ඩින්ග්ස් ලිමිටඩ් යන සමාගම් වලින් ශ්‍රී ලංකා…
ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය සමාගම් ඒකාබද්ධ කිරීමේ වැඩසටහන සමග ඒකාබද්ධ වෙමින් හිමිකම් නිකුතුවක් මගින් සිය ප්‍රධාන ප්‍රාග්ධනය රුපියල් බිලියනයක් දක්වා වර්ධනය කර ගැනීමට ඒෂියා ඇසට් ෆයිනෑන්ස් සමාගම සූදානම් වේ. මේ අනුව, සමාගම විසින් එකක් රුපියල් 1.60 ක් වටිනා කොටස් මිලියන 279.7 ක් නිකුත් කිරීමට සූදානම් වන්නේ තිබෙන සෑම සාමාන්‍යය කොටස් දෙකකටම නව සාමාන්‍යය කොටසක්…
ඩී.එෆ්.සී.සී හා ජාතික සංවර්ධන බැංකු ඒකාබද්ධ කිරීම සඳහා උපදෙස් ලබාගැනීමට ලොව සුපතල බොස්ටන් කන්සල්ටින්ග් ගෘප් තෝරාගෙන ඇතැයි අප පසුගිය ජුනි 24 වනදා වාර්තා කළ පුවත සනාථ කරමින් මෙම බැංකු දෙක විසින් ඒ බව අද කොළඹ කොටස් වෙළඳ පොළ වෙත දැනුම් දී ඇත. මේ අනුව, සඳහන් කර තිබෙන්නේ මෙම බැංකු දෙක ඒකාබද්ධ කිරීමේ කටයුතු සඳහා උපදෙස්…
මෙරට මූල්‍යායතන ඒකාබද්ධ කිරීමේ ශ්‍රී ලංකා මහ බැංකු වැඩසටහන යටතේ කොමර්ෂල් බැංකුව විසින් බලපත්‍රලාභී ඉන්ද්‍රා ෆයිනෑන්ස් සමාගම රුපියල් මිලියන 870 කට මිලදී ගැනීමට සූදානම් වනබව අනාවරණය වේ. මේ බව, කොමර්ෂල් බැංකුව විසින් හෙළිදරව් කර තිබෙන අතර මේ යටතේ ඉන්ද්‍රා ෆයිනෑන්ස් සමාගමේ සියළුම කොටස් කොමර්ෂල් බැංකුව විසින් මිලදී ගනු ඇතැයි සඳහන්ය. මෙම ගනුදෙනුවට අදාළව සියළුම ව්‍යස්ථාපිත…
හම්බන්තොට ඉදිවෙමින් තිබෙන ෂැන්ග්‍රි-ලා හෝටලයේ ඉදිකිරීම් මේ වනවිට සියයට 75 ක් පමණ අවසන් බවත් හෝටලය සැලසුම් කළ කාලයේදී විවෘත කළ හැකි බවත් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා කියයි. මේ අනුව, අමාත්‍යවරයා අප සමග පැවසුවේ මෙම හෝටලය ලබන වසරේදී විවෘත කිරීමට හැකි බවයි. හොංකොං පදනම් කරගත් ෂැන්ග්‍රි-ලා හෝටල් සමාගමේ වෙබ් අඩවියේ සඳහන් වන පරිදි…
පී.සී. හවුස් හෝල්ඩින්ග්ස් සමාගමේ ලේකම් හා අධ්‍යක්ෂවරුන් වෙනස් කරන ලෙස බස්නාහිර පළාත්බද මහාධිකරණය විසින් කළ නියෝගයට අනුව සමාගම කටයුතු කර තිබේ. මේ අනුව, පී.සී. හවුස් හෝල්ඩින්ග්ස් සමාගමේ අධ්‍යක්ෂවරුන් ලෙස කළමනාකරණ හා මූල්‍ය ක්ෂේත්‍රයේ වසර 20 ක පමණ අත්දැකීම් ඇති චමින්ද දයාන් බන්දුතිලක මහතාත් තොරතුරු තාක්ෂණය සම්බන්ධයෙන් වසර 16 ක පමණ අත්දැකීම් ඇති දර්ශන පද්මාල් ගලබොඩගේ…
Video Story