Featured News

UTE කණ්ඩායම අඛණ්ඩව දෙවන වරටත් කැටපිලර් ක්‍රිකට් ශූරතාව හිමිකර ගනී

මෙරට ප්‍රමුඛත ම ඉංජිනේරු විසඳුම් සම්පාදකයෙකුවන යුනයිටඩ් ට්‍රැක්ටර් ඇන්ඩ් ඉක්විප්මන්ට් (UTE) සමාගම, අඛණ්ඩව දෙවන වරටත් කැටපිලර් අභියෝගතා කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට සමත් විය. ඉන්දියාවේ චෙන්නායි නගරයේ පැවති ක්‍රිකට් තරගාවලිය සඳහා බැංගලෝර් ප්‍රාන්තයේ Gmmco India සහ Tractors India (TIPL) සමාගම් ද Caterpillar Inc. සමාගම ද නියෝජනය කරමින් කණ්ඩායම් ඉදිරිපත් විය. කලාපීය කැටපිලර් අලෙවි නියෝජිතයන්…

(0)Comments | March 2, 2017 12:13 pm

සංගීතයෙන් සන්හිඳියාව ගොඩනංවන The Music Project සමග ටෝකියෝ සිමෙන්ති සමූහය අත්වැල් බැඳගනී

පාසල් දරුවන්ට සිය සංගීතමය හැකියාවෙන් ලොව ජයගන්නට මග පෙන්වන The Music Project (ද මියුසික් ප්‍රොජෙක්ට්) ව්‍යාපෘතිය සමග ටෝකියෝ සිමෙන්ති සමූහය අත්වැල් බැඳගත් බව සතුටින් දන්වා සිටියි. මෙමගින් 2017 වසර තුලදී මුලතිව් දිස්ත්‍රික්කයේ යෝහපුරම් මහා විද්‍යාලයේ සහ තේරන්කන්ඩාල් මහා විද්‍යාලයේ සංගීතය හදාරන සිසුදරුවන් 140 ක් සහ කුරුණෑගල සිරි ගුණානන්ද මහා විද්‍යාලයේ දරුවන් 50ක් වෙනුවෙන් The Music…

(0)Comments | March 1, 2017 8:47 am

Oxford Elevators සමාගම මෙරට ව්‍යාපාරික කටයුතු ආරම්භ කරයි

දේපළ සහ වාණිජ යටිතල පහසුකම් ක්ෂේත්‍රයේ ශීඝ්‍ර වර්ධනයත් සමග වියදම් කාර්යක්ෂම විකල්ප වාණිජ නඩත්තු විසඳුම් සඳහා ඇති වී තිබෙන ඉල්ලුම මැනවින් හඳුනා ගනිමින් Oxford Elevators සමාගම පසුගියදා මෙරට සිය ව්‍යාපාරික කටයුතු ආරම්භ කළේය. එම සමාගමේ ප්‍රාරම්භක සහ සභාපති එස්.ජේ.කාදර් සහිබු මහතාගේ දැක්ම සහ මගපෙන්වීම අනුව මෙම පියවර ගනු ලැබිණි. Oxford Elevators එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ…

(0)Comments | February 27, 2017 8:59 am

සිසුදරුවන්ගේ සිහින සැබෑ කරවන ‘CDB සිසුදිරි ශිෂ්‍යත්ව’ මෙවරත්

සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (CDB) හි ප්‍රමුඛතම ආයතනික සමාජ සත්කාරයක් වන ‘CDB සිසුදිරි ශිෂ්‍යත්ව’ වැඩසටහන යටතේ පහ වසර ශිෂ්‍යත්ව විභාගය හා අපොස සා/පෙළ ඉහළින් සමත්වූ සිසු සිසුවියන් 36 දෙනෙකුට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ උත්සවයක් පසුගියදා මරදාන ටවර් හෝල්හිදී පැවැත්විණ. සෙලින්කෝ ලයිෆ්හි අධ්‍යක්ෂ පාලිත ජයවර්ධන මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස ඊට එක්ව සිටියේය. මෙහිදී අදහස් දක්වමින් CDB…

(0)Comments | February 24, 2017 9:26 am

කලා පොළ 2017 එක් දිනකදී මිලියන 12 කට වැඩි අලෙවියක්

ශ්‍රී ලංකාවේ වාර්ෂිකව පැවැත්වෙන එළිමහන් කලා පොළ මෙවර 24 වන වරටත් කොළඹ ආනන්ද කුමාරස්වාමි මාවතේ දී පසුගියදා පැවත් වූ අතර, එය දිවයිනේ නන් දෙසින් පැමිණි චිත්‍ර ශිල්පීන් 327 කට අධික පිරිසක් හා 22,000 කට අධික ප්‍රේක්ෂකයන් පිරිසකගේ සහභාගීත්වයෙන් ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. රුපියල් මිලියන 12 කට වැඩි විකුණුම් ආදායමක් වාර්තා කිරීමට සමත් වූ ”කලා පොළ…

(0)Comments | February 24, 2017 7:27 am

SLIIT වාස්තු විද්‍යා අධ්‍යයනාංශය Liverpool John Moores විශ්ව විද්‍යාලය සමඟ සහයෝගීතාවකට

තාක්ෂණික පහසුකම්වලින් පොහොසත් SLIIT ආයතනය, ඉතාමත් නිර්මාණශීලී සහ පළපුරුදු වාස්තු විද්‍යාඥයින්ගෙන් සමන්විත වාස්තු විද්‍යා අධ්‍යයනාංශයක් ආරම්භ කිරීමට මෑතකදී පියවර ගනු ලැබීය. එමගින් නවීන පහසුකම් සහිත ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යයන පාඨමාලාවක් පිරිනැමීමට SLIIT සූදානමින් සිටී. SLIIT ඉංජිනේරු පීඨයේ අංශයක් ලෙසින් ආරම්භ වුණු මෙම වාස්තු විද්‍යා අධ්‍යයනාංශය සඳහා පුරෝගාමී මඟපෙන්වීම සැපයුවේ, ප්‍රවීණ වාස්තු විද්‍යාඥයෙකු වන මහාචාර්ය නිමල් ද…

(0)Comments | February 24, 2017 6:53 am

රාජකීය විද්‍යාලයේ රග්බි ක‍්‍රීඩාව නැංවීමට අඛණ්ඩව 06 වන වරටත් KIA සහාය

පාසලේ රග්බි ක‍්‍රීඩාව නැංවීම වෙනුවෙන් ක‍්‍රියාත්මක රුපියල් මිලියන 27 ක වැඩසටහනේ තුන්වන වසර ඇරඹෙයි නිර්මාණශීලීත්වය සහ කාර්ය සාධනය අතින් අග තැන්පත් කොරියානු වාහන සන්නාමය වන KIA විසින් කොළඹ රාජකීය විද්‍යාලයේ රග්බි සංවර්ධන වැඩසටහන වෙනුවෙන් දක්වන අනුග‍්‍රාහකත්වය 2017 වසර සඳහාත් අළුත් කරමින් එයට අදාළ නිල ගිවිසුමට අද කොළඹදී අත්සන් තබන ලදි. KIA විසින් රාජකීය විද්‍යාලීය රග්බි…

(0)Comments | February 16, 2017 11:05 am

ගම්පහ සහ පුත්තලම දිස්ත‍්‍රික්කවල සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ට කොමර්ෂල් බැංකුවේ සවිබලය

මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ගේ ව්‍යවසායකත්ව හැකියාවන් සංවර්ධනය කිරීම වෙනුවෙන් කොමර්ෂල් බැංකුව විසින් ආරම්භ කර තිබෙන වැඩසටහන යටතේ ගම්පහ සහ පුත්තලම දිස්ත‍්‍රික්ක නියෝජනය කරන ව්‍යවසායකයින් 160 දෙනෙකු දැනුවත් කිරීමේ වැඩසටහනක් බැංකුව විසින් පසුගියදා වෙන්නප්පුවේදී පැවැත්විය. මෙම වැඩසටහනේ ප‍්‍රධාන කථිකයා වූයේ ප‍්‍රමුඛ දේශකයෙකු මෙන්ම ව්‍යාපාර සංවර්ධන දිරිගන්වන්නෙකු වන චන්දන ගුණවර්ධන මහතායි. ව්‍යාපාර සංවර්ධනය තුළින් සවිබල…

(0)Comments | February 16, 2017 10:28 am

වසර 25ක සේවාව වෙනුවෙන් BMICH තම කාර්ය මණ්ඩල සාමාජිකයන්ට උපහාර පුදයි

වසර 25කට අධික කාලයක් තිස්සේ BMICH ආයතනයේ සේවය කළ සේවකයින් 19 දෙනෙකු අගයනු වස් රන් කාසි ප්‍රදානය කිරීමක් පසුගියදා සිදුවිය. 2017 වසරේ සාර්ථකත්වය සඳහා සර්වාගමික ආශීර්වාද ලබාගනිමින් පැවැත්වුණු විශේෂ උත්සවය අතරතුරදී එය පැවැත්විණ. එහිදී BMICH හි සියලු සේවකයින් විසින් සේවා ප්‍රතිඥාව ලබාදීම ද සිදුවිය. එමෙන්ම 2016 වසරේදී විශිෂ්ට කාර්ය සාධනයක් පෙන්නුම් කළ සේවකයින්ට ද සම්මාන…

(0)Comments | February 16, 2017 10:14 am

සදහාරිත කණ්ඩායම ඇසෑම් ප්‍රාන්තයේ සංචාරයක

වාණිජ වන වගා ක්ෂේත්‍රයේ දැනට පවතින වඩාත් තිරසාර ආයෝජනය ලෙස සැලකෙන අගාවුඩ් වගා කිරීම සහ අලෙවිකරණය පිළිබඳ තවදුරටත් අත්දැකීම් ලබා ගැනීමේ අරමුණින් සදාහරිත වැවිලි සමාගමේ නියෝජිතයෝ පිරිසක් පසුගියදා ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ සංචාරයක නිරත වූහ. ඇසෑම් ප්‍රාන්තය ඉන්දියාවේ අගාවුඩ් අගනගරය ලෙස සැලකෙන අතර, එහිදී වන වගා කළමනාකරණය අගාවුඩ් මිල කිරීම, කම්කරුවන් පුහුණු කිරීම සහ අලෙවිකරණ අවස්ථා…

(0)Comments | February 14, 2017 6:29 am