ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙසින් වැඩ භාර ගත් ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පළමු වරට මහ බැංකු කාර්ය මණ්ඩලය, මීට සුළු මොහොතකට පෙර අමතන ලදී. මෙහිදී ඔහු කියා සිටියේ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා වශයෙන් මෙම ස්ථානයේ සිටීම තමන් ලැබූ ගෞරවයක් බවයි. ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා මහ බැංකු කාර්ය මණ්ඩලය අමතමින් සිදුකළ සම්පූර්ණ කතාව…
ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා නව අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාට සුභ පතා තිබේ. සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ හිටපු මහ බැංකු අධිපතිවරයා මෙලෙස නව අධිපතිවරයාට සුභ පැතුම් එක් කර ඇත.
වෙළෙඳ හිඟය 2015 වසරේ මාර්තු මාසයේ දී වාර්තා වූ එක්සත් ජනපද ඩොලර් මිලියන 516 ට සාපේක්ෂව 2016 වසරේ මාර්තු මාසයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 621 දක්වා 20.2% කින් ප්‍රසාරණය වී තිබේ. කෙසේ වෙතත් සමුච්ඡිත වශයෙන් සැලකූ විට 2015 වසරේ අනුරූප කාලපරිච්ඡේදයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 1,908 ක්වූ වෙළෙඳ හිඟය 2016 වසරේ පළමු මාස…
ඕස්ට්‍රේලියාවේ ආගමන හා දේශසීමා ආරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීම සඳහා බලපවත්වන නවතම වෘත්තීය කුසලතා (Skilled Occupations List) ලේඛනය එළිදක්වා තිබේ. මෙම ලේඛනය 2016-17 වසර සඳහා අදාළ වන අතර 2016 ජූලි 01 වන දින සිට මෙම නව ලේඛනය බලපැවැත්වේ. ස්වාධීන කුසලතා වීසා, කලාපීය කුසලතා වීසා සහ උපාධි අපේක්ෂක තාවකාලික වීසා ආදී වශයෙන් විවිධ වූ වීසා…
ශ්‍රී ලංකා මහ බැංකුවේ අභිනව අධිපතිවරයා වශයෙන් ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අද (04) දින වැඩ භාරගෙන තිබේ. මේ සම්බන්ධ ලිපිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කුමාරස්වාමි මහතා වෙත අද උදෑසන පිළිගන්වා ඇත. මේ අතර මෙරට ප්‍රමුඛ පෙළේ සමාගම් සමූහයක් වන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් හි අධ්‍යක්ෂවරයෙකු ද වූ ආචාර්ය කුමාරස්වාමි, 2016 ජූලි 03 වන දින එම…
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි සමාගම් ලබාගත් ණයද ඇතුළත් මුළු විදේශීය සෘජු ආයෝජන 2015 වසරේ අනුරූප කාලපරිච්ඡේදයේ දී වාර්තා වූ එක්සත් ජනපද ඩොලර් මිලියන 346.4 සමඟ සැසඳීමේ දී 2016 වසරේ පළමු කාර්තුවේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 164.5 ක් වී තිබේ. මේ අතර කොළඹ කොටස් වෙළෙඳපොළෙහි විදේශීය ආයෝජන 2016 මාර්තු මස අවසානය දක්වා කාලය තුළ…
රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළ වෙත වූ ආයෝජන 2015 වසරේ අනුරූප කාලපරිච්ඡේදයේ දී වාර්තා වූ එක්සත් ජනපද ඩොලර් මිලියන 15.4 ක ශුද්ධ ගෙවීම සමඟ සැසඳීමේ දී 2016 වසරේ පළමු කාර්තුවේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 572.3 ක ශුද්ධ ගෙවීමක් වී තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර සිටී. තවද රජය වෙත වූ දිගු කාලීන ණය 2015…
ඉන්දියානු සංචිත බැංකුව සමඟ සිදුකළ එක්සත් ජනපද ඩොලර් මිලියන 1,100 ක විදේශීය විනිමය හුවමාරු පහසුකම 2016 මාර්තු මස 08 ව න දින පියවූ බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කර සිටී. මාර්තු මස 08 වන දින ශ්‍රී ලංකාව සාර්ක් මූල්‍ය විදේශ විනිමය හුවමාරු ගිවිසුම යටතේ එක්සත් ජනපද ඩොලර් මිලියන 400 ක්ද, 2016 මාර්තු මස අග…
වැට් බද්ද පිළිබඳ නිවැරදි පැහැදිලි කිරීමක් මේ දක්වා සිදු වී නොමැති බවත් ජූලි 04 වන දින මේ සම්බන්ධයෙන් අවසාන සාකච්ඡාව පවත්වන බවත් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය. මෙහිදී ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ ලංකාවේ සිටින සියලු ම වෙළෙඳ ව්‍යාපාරිකයින් මෙම සාකච්ඡාව සඳහා කැඳවන බවයි. මෙම හමුව මුදල් අමාත්‍යාංශයේ දී පැවත්වීමට නියමිත අතර එම සාකච්ඡාවෙන් පසු…
ශ්‍රී ලංකා මහ බැංකුවේ අභිනව අධිපතිවරයා වශයෙන් ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි පත්කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය නිල ට්විටර් ගිණුමෙන් අනාවරණය කර ඇත. කොළඹ රාජකීය විද්‍යාලයේ සහ එංගලන්තයේ Harrow විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන ඒ මහතා කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ උපාධිධරයෙකි. සසෙක්ස් සරසවියෙන් ඔහු සිය ආචාර්ය උපාධිය ලබා ගෙන ඇත. 1973 වසරේ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ මාණ්ඩලික…