Top News

ඩොලර් මිලියන 500 ක් ණය ගෙවූ පසු විදෙස් සංචිතයේ අලුත්ම තත්ත්වය?

ශ්‍රී ලංකාව නිකුත් කරන තිබුණු ඩොලර් මිලියන 500 ක ස්වෛරී බැඳුම්කරයක් පසුගිය 18 වනදා කල්පිරීම හේතුවෙන් එය පියවීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කර තිබුණි. අද (20) දින ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවක දී ඒ සඳහා අවශ්‍ය මුදල් සොයා ගත්තේ කෙසේදැයි යන පැනයට පිළිතුරු දෙමින් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්…

(0)Comments | January 20, 2022 3:47 pm

ගුවන්යානා සඳහා අවශ්‍ය ඉන්ධනවල කිසිදු හිඟයක් නැහැ – රාජ්‍ය ඇමති කියයි

දැනට බලශක්ති ක්ෂේත්‍රයේ පවතින ඉන්ධන අර්බුදය ශ්‍රීලංකන් ගුවන් සමාගමට හෝ මෙරට ගුවන් සේවාවට  කිසිසේත්ම බල නොපාන බව ගුවන් සේවා හා ආයෝජන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා පවසයි. මේ වන විටත්  ශ්‍රීලංකන් ගුවන් සමාගම සතුව ඉදිරි මාස එකහමාරකට අවශ්‍ය ඉන්ධන සංචිතයක් පවතී. ගෙවී ගිය සතියේ ද ඩොලර් මිලියන 32ක් ගෙවමින් ඉදිරියට අවශ්‍ය ඉන්ධන මිලදී…

(0)Comments | January 20, 2022 1:55 pm

මහ බැංකුව මුදල් ප්‍රතිපත්තිය තර කරයි. පොලී ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පදනම් අංක 50 බැගින් පිළිවෙළින්, සියයට 5.50 සහ සියයට 6.50 දක්වා ඉහළ නැංවීමට තීරණය කළේය. මේ අතර බැංකු අනුපාතිකය, නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සමඟ ස්වයංක්‍රීයවම ගැළපුම් කරමින් සියයට 9.50 ක් දක්වා වැඩිවනු ඇත….

(0)Comments | January 20, 2022 7:56 am

පෝට් සිටි බලන්න සතියක් තුළ අනූදහසක් ඇවිත්

නව පදික මංතීරුව නගරයේ නැරඹිය යුතුම ස්ථාන අතරින් එකක් බවට පත් වේ.  කොළඹ වරාය නගරයේ සැහැල්ලු යාත්‍රාංගණය ඉදිරිපස පදික මංතීරුව පසුගිය ජනවාරි 10 වන දින මහජනතාවට විවෘත කිරීමෙන් අනතුරුව, මේ වනවිට 90,000 කට අධික පිරිසක් එය නැරඹීමට පැමිණ තිබේ. ගාලු මුවදොර දෙසින් පිහිටා ඇති ඇතුළු වීමේ දොරටුවෙන් පිටත පවා ජනතාව විශාල වශයෙන් පෝලිම් සැදී, ඉමහත්…

(0)Comments | January 19, 2022 5:27 pm

පොලී වැඩිවෙයි ද? තීරණය හෙට

2022 වසරේ අංක 01 දරණ මුදල් ප්‍රතිපත්ති විවරණය හෙට (20) දැනුම් දීමට නියමිතය. මෙහිදී ප්‍රතිපත්ති පොලී අනුපාතික දැනට පවතින මට්ටමේ පවත්වා ගෙන යනවාද, නැතහොත් සංශෝධනයක් සිදුකරනවා ද යන මුදල් මණ්ඩල තීරණය දැනුම් දෙනු ඇත. මුදල් ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් 2021 නොවැම්බර් 24 දින රැස් වූ මහ බැංකුවේ මුදල් මණ්ඩලය, ප්‍රතිපත්ති පොලී අනුපාතික පවතින මට්ටමේම පවත්වා ගෙන යාමට…

(0)Comments | January 19, 2022 4:34 pm

ටයිල් කර්මාන්තශාලාවකට රු. මිලියන 6,000 ක ආයෝජනයක්. ඉඩමක් දෙන්න කැබිනට් අනුමැතිය

සමස්ත දිවයිනම ආවරණය වන පරිදි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් කර්මාන්ත ස්ථානගත කිරීම හා ව්‍යාපාර සංවර්ධනය කිරීම සඳහා ආයෝජන අවස්ථා ලබා දීමේ විශේෂ වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස 2021 ජුනි මස 07 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. වසර 50ක කාලසීමාවක පළපුරුද්දක් සහිත, ටයිල් නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සමාගමක් වන මැක්සන්ස් බාත්වෙයා (පුද්ගලික) සමාගම විසින්…

(0)Comments | January 19, 2022 3:53 pm

වැහෙන්න ගිය මිල්කෝ ලාභ ලබන තත්ත්වයට ගෙන ආ සභාපති දොට්ට?

මිල්කෝ සමාගමේ සභාපති තනතුර සඳහා රේණුක පෙරේරා මහතා පත් කර ඇති බවට ලිපියක් නිකුත් කර ඇති බවත්, එම ධූරයෙන් තමාව අයින් කළ බවට මෙතෙක් දැනුම් දීමක් කර නොමැති බවත් මිල්කෝ සභාපති ලසන්ත වික්‍රමසිංහ මහතා පවසයි. මෙහිදී වික්‍රමසිංහ මහතා පැවසුවේ වැසෙන්නට ගිය ආයතනයක් වසර දෙකක් තුළ ලාභ ලබන ආයතනයක් බවට පත්කිරීමට තමන්ට හැකිවුණු බවයි. මමත් ඒක…

(0)Comments | January 19, 2022 1:09 pm

අඩසිය වසකට පසු රත්මලාන ගුවන් තොටුපලෙන් කලාපීය ජාත්‍යන්තර ගුවන් ගමන් 29 දා සිට

ගුවන් සේවා ආයෝජන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක මෙම මස 29 දා සිට  කොළඹ ජාත්‍යන්තර ගුවන්තොටුපල – රත්මලාන ගුවන් තොටුපළේ සිට ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කරන බව  ගුවන් සේවා ආයෝජන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක මහතා පවසයි. විශේෂයෙන් දකුණු ඉන්දියාව, මාලේ  වැනි ගුවන් ගමන් රත්මලාන කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කිරීමට නියමිතය. රත්මලාන ගුවන්තොටුපල සංවර්ධනය පිළිබදව ගුවන්…

(0)Comments | January 19, 2022 12:17 pm

තලවතුගොඩ මංසන්ධියට ගුවන් පාලමක්

මෙරට යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා හංගේරියාවේ එක්සිම් බැංකුව හරහා සහන මූල්‍ය පහසුකම් සැපයීමට ශ්‍රී ලංකාය හා හංගේරියාව අතර මූල්‍ය සහයෝගීතා ගිවිසුමකට එළඹ ඇත. ඒ යටතේ කොහුවල සහ ගැටඹේ ගුවන් පාලම් ඉදිකිරීමේ ව්‍යාපෘතීන් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී. එකී ව්‍යාපෘතීන්ට අමතරව ජාතික මාර්ග ජාලයේ මුත්තෙට්ටුගල දුම්රිය හරස් මාර්ගය සහ හිරිපිටිය හන්දිය, පස්යාල…

(0)Comments | January 19, 2022 11:00 am

කාන්තා කළමනාකරණ ආයතනය, ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව සහ ඕස්ට්‍රේලියා රජය එක්වී ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ වෘත්තීය කාන්තාවන් වෙනුවෙන් විද්වත් සහ වෘත්තීය කාන්තා සම්මාන උළෙල පවත්වයි

කාන්තා කළමනාකරණ ආයතනය (Women in Management), ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ ඕස්ට්‍රේලියානු රජය එක්වී පසුගියදා විද්වත් සහ වෘත්තීය කාන්තා සම්මාන උළෙල (Professional and Career Women Awards) උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදි. මෙහිදී ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ, විවිධ වෘත්තීන් හා ව්‍යාපාර ක්ෂේත්‍රයන් ජයගත් කාන්තාවන් 50 දෙනෙක් ඇගයීමට ලක්වූහ. මෙම සම්මාන උළෙල පවත්වන ලද්දේ 11 වන වරට වන…

(0)Comments | January 19, 2022 10:22 am