ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ ආන්දෝලනයට තුඩුදුන් වසර 30 කින් කල් පිරෙන බැඳුම්කර නිකුතුව පිළිබඳව විමර්ශනය කළ ත්‍රි පුද්ගල කමිටුව විසින් ප්‍රකාශ කර තිබෙන්නේ මෙම බැඳුම්කර නිකුතුවට මහ බැංකුවේ අධිපතිවරයා සෘජුවම දායකත්වය දක්වා නොමැති නමුත් මහ බැංකු අධිපතිවරයාගේ බෑනාට සම්බන්ධ කමක් තිබෙන පෙර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම මෙම නිකුතුව සඳහා ලංසු ඉදිරිපත්කළ ආකාරය අසාමාන්‍ය බවත්…
නව රජය විසින් යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති නැවත ඇගයීමට ලක්කිරීම හේතුවෙන් ඉදිකිරීම් කර්මාන්තයේ වර්ධනය අඩුවී 2015 වසරේ ලංකාවේ ආර්ථික වර්ධනය ගිය වසරට සාපේක්ෂව සියයට 6.9 ක් දක්වා පහත වැටෙනු ඇතැයි ලෝක බැංකුව බලාපොරොත්තු පළකර තිබේ. ලෝක බැංකුවේ South Asia Economic Focus report නැමති වාර්තාව මගින් මෙම කරුණු අනාවරණය කර තිබෙන අතර මෙමගින් අනතුරු හඟවා තිබෙන්නේ…
රාජ්‍ය වියදම් පියවා ගැනීමට දේශීය වෙළඳ පොළින් රජය දැවැන්ත ලෙස ණය ගනිමින් සිටියත් මෙරට වාණිජ බැංකුවල පොලී අනුපාත තීරණය වීමට බලපාන මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාත මේ අප්‍රේල් මාසයේදී අඩු කිරීමට මහ බැංකුව අනපේක්ෂිත ලෙස කටයුතු කර තිබේ. මේ අනුව, ප්‍රතිපත්ති පොලී අනුපාත (policy interest rates) සියයට 0.5 කින් අඩු කිරීමට මහ බැංකුව කටයුතු කර…
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ලංකාවට පැමිණි අවස්ථාවේදී සඳහන් කළේ විස්තීර්ණ ආර්ථික සහයෝගීතා ගිවිසුම හෙවත් සෙපා ගිවිසුම අත්සන් කිරීම සඳහා ලංකාව ඉදිරියට ගමන් කිරීම වැදගත් බවයි. මෙම ගිවිසුම ලංකාවට අවශ්‍යද ? නැද්ද ? යන මැයෙන් පැවැත්වූ විශේෂ වාද පිටිය වැඩසටහන මෙන්න.
සොෆ්ට්ලොජික් පී.එල්.සී. සමාගම විසින් පාලනය කරන ඔඩෙල් පී.එල්.සී. සමාගම සඳහන් කරන්නේ සමූහයේ සන්නාමකරණය කළ සිල්ලර වෙළඳ අංශය රුපියල් මිලියන 599.9 කට සමාගම විසින් මිලදීගත් බවත් සිය සිල්ලර වත්කම් ඒකාබද්ධ කිරීමේ පියවරක් ලෙස මෙය සිදුකළ බවයි. මේ අනුව, ODEL Plc සමාගම විසින් Softlogic Brand (Pvt) Ltd සමාගමේ සියයට 99.99 ක කොටස් මිලදීගෙන තිබෙන අතර මෙම මිලදීගැනීම…
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ගුවන් යානා ධාවන පථය අළුත් වැඩියා කිරීම සඳහා ඇක්සස් ඉංජිනියරිං (Access Engineering) සමාගමට ලබාදුන් ඩොලර් මිලියන 85 ක කොන්ත්‍රාත්තුව අවලංගු කිරීමට තීරණය කර තිබෙන බව කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය. අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා පැවසුවේ මෙම ව්‍යාපෘතිය සඳහා මෙම සමාගමට…
වාණිජ බැංකුවල පොලී අනුපාතය තීරණය වීමට බලපාන මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතය මේ මාර්තු මාසයේදීත් වෙනස් නොකිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙන අතර පවසා තිබෙන්නේ උද්ධමනය ඉදිරියේදීත් අඩුමට්ටමක පවතිනු ඇති බවත් පුද්ගලික අංශය ලබාගන්නා ණය ප්‍රමාණය සහ ආර්ථික ක්‍රියාකාරකම් වර්ධනය වෙමින් තිබෙන බවයි. පසුගිය දෙසැම්බර් මාසයේදී පුද්ගලික අංශය ලබාගෙන තිබූ ණය රුපියල් බිලියන…
සෙපා හෙවත් විස්තීර්ණ ආර්ථික සහයෝගීතා ගිවිසුම ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර අත්සන් කිරීමට නියමිතව තිබුණේ 2008 වසරේ සාර්ක් සමුළුව අවස්ථාවේ වුවත් මෙරට ඇතැම් ව්‍යාපාරික කොටස් වෙතින් නැගුණු විරෝධතා හමුවේ මෙම ගිවිසුම හකුළා ගන්නට පසුගිය රජය කටයුතු කළේය. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ලංකාගමනයත් සමග සෙපා ගිවිසුම පිළිබඳව මෙරට වත්මන් ආණ්ඩුවත් මෝදි ප්‍රමුඛ ඉන්දීය ආණ්ඩුවත් දැඩි උනන්දුවක්…
1987 පසුව ශ්‍රී ලංකාවට පැමිණි පළමු ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ලෙස වර්තමාන රජය සමග පැවති ඵලදායී සාකච්ඡා පිළිබඳව තමා සතුටට පත්වන බවත් එය දෙරට අතර සම්බන්ධතාවය තව තවත් තර කර ගැනීමට ඉවහල් වනු ඇති බවත් ඉන්දීය අග්‍රාමත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද පෙරවරුවේ කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවසීය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්…
යෝජිත සාම්පූර් ගල් අඟුරු බලාගාරය ඉදිකිරීම නියමිත කාලයට සිදුකර ගැනීමට නොහැකිවීම නිසා මෙරට විදුලි බල ක්ෂේත්‍රය 2000 දී අත්දුටු ඉල්ලුමට සරිලන ලෙස සැපයුම ලබාදීමට නොහැකිවීමේ අර්බුදයට නැවතත් 2020 දී ඇද වැටෙනු ඇතැයි බලශක්ති විශේෂඥයෙකු වන ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා අප සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් පැවසීය. ඔහු සඳහන් කළේ සාම්පූර් ගල් අඟුරු බලාගාරය ආරම්භ කිරීම ප්‍රමාදවීමත්…
Video Story