Analysis

ගුවන් ධාවන පථය අළුත් වැඩියා කිරීමේ ඩො.මි. 85 ක Access Engineering කොන්ත්‍රාත්තුව අවලංගු කරයි

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ගුවන් යානා ධාවන පථය අළුත් වැඩියා කිරීම සඳහා ඇක්සස් ඉංජිනියරිං (Access Engineering) සමාගමට ලබාදුන් ඩොලර් මිලියන 85 ක කොන්ත්‍රාත්තුව අවලංගු කිරීමට තීරණය කර තිබෙන බව කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය. අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා පැවසුවේ මෙම ව්‍යාපෘතිය සඳහා මෙම සමාගමට…

(0)Comments | March 19, 2015 11:23 am

මහ බැංකුවේ අළුත්ම පොලී තීරණය මෙන්න!

වාණිජ බැංකුවල පොලී අනුපාතය තීරණය වීමට බලපාන මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතය මේ මාර්තු මාසයේදීත් වෙනස් නොකිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙන අතර පවසා තිබෙන්නේ උද්ධමනය ඉදිරියේදීත් අඩුමට්ටමක පවතිනු ඇති බවත් පුද්ගලික අංශය ලබාගන්නා ණය ප්‍රමාණය සහ ආර්ථික ක්‍රියාකාරකම් වර්ධනය වෙමින් තිබෙන බවයි. පසුගිය දෙසැම්බර් මාසයේදී පුද්ගලික අංශය ලබාගෙන තිබූ ණය රුපියල් බිලියන…

(0)Comments | March 18, 2015 4:41 am

රනිල්-මෝදි සමග “සෙපා“ යළි මතුවේ. චීන නිදහස් වෙළඳ ගිවිසුමට අබ සරණද ?

සෙපා හෙවත් විස්තීර්ණ ආර්ථික සහයෝගීතා ගිවිසුම ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර අත්සන් කිරීමට නියමිතව තිබුණේ 2008 වසරේ සාර්ක් සමුළුව අවස්ථාවේ වුවත් මෙරට ඇතැම් ව්‍යාපාරික කොටස් වෙතින් නැගුණු විරෝධතා හමුවේ මෙම ගිවිසුම හකුළා ගන්නට පසුගිය රජය කටයුතු කළේය. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ලංකාගමනයත් සමග සෙපා ගිවිසුම පිළිබඳව මෙරට වත්මන් ආණ්ඩුවත් මෝදි ප්‍රමුඛ ඉන්දීය ආණ්ඩුවත් දැඩි උනන්දුවක්…

(0)Comments | March 14, 2015 7:23 am

චීනයට තිබූ තැන මෝදි ආක්‍රමණය කරයි. වීසා සහන සමග බිලියන ගණනක ආයෝජන වලට මුල පිරේ

1987 පසුව ශ්‍රී ලංකාවට පැමිණි පළමු ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ලෙස වර්තමාන රජය සමග පැවති ඵලදායී සාකච්ඡා පිළිබඳව තමා සතුටට පත්වන බවත් එය දෙරට අතර සම්බන්ධතාවය තව තවත් තර කර ගැනීමට ඉවහල් වනු ඇති බවත් ඉන්දීය අග්‍රාමත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද පෙරවරුවේ කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවසීය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්…

(0)Comments | March 13, 2015 7:59 am

යන විදිහට 2020දී අපි විදුලිය අර්බුදයක -ආචාර්ය තිලක් සියඹලාපිටිය අවධාරණය කරයි

යෝජිත සාම්පූර් ගල් අඟුරු බලාගාරය ඉදිකිරීම නියමිත කාලයට සිදුකර ගැනීමට නොහැකිවීම නිසා මෙරට විදුලි බල ක්ෂේත්‍රය 2000 දී අත්දුටු ඉල්ලුමට සරිලන ලෙස සැපයුම ලබාදීමට නොහැකිවීමේ අර්බුදයට නැවතත් 2020 දී ඇද වැටෙනු ඇතැයි බලශක්ති විශේෂඥයෙකු වන ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා අප සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් පැවසීය. ඔහු සඳහන් කළේ සාම්පූර් ගල් අඟුරු බලාගාරය ආරම්භ කිරීම ප්‍රමාදවීමත්…

(0)Comments | March 11, 2015 9:07 am

මහ බැංකු අධිපතිට චෝදනා එල්ලවන බැඳුම්කර නිකුතුව ගැන රජය උත්තර දෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එක්තරා ප්‍රාථමික අලෙවිකාර සමාගමකට (Primary Dealer) ප්‍රාග්ධන ලාභයක් ලබාගැනීමට හැකිවන පරිදි වසර 30 කින් කල් පිරෙන භාණ්ඩාගාර බැඳුම්කර පසුගියදා අලෙවි කර ඇතැයි එල්ලවී තිබෙන චෝදනාව සම්බන්ධයෙන් පිළිතුරු ලබාදෙමින් ප්‍රතිපත්ති සම්පාදක සහ ආර්ථික කටයුතු අමාත්‍යංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. රුපියල් බිලියනයක් වටිනා වසර 30 කින් කල් පිරෙන භාණ්ඩාගාර බැඳුම්කර (Treasury…

(0)Comments | March 7, 2015 8:04 am

චීන්නු යළිත් ලංකාවේදී කප් ගහයි

ශ්‍රී ලංකාවට සංචාරකයින් පැමිණීම වැඩියෙන්ම වර්ධනය වන ගමනාන්තය බවට යළිත් චීනය පත්ව තිබෙන අතර චීනයෙන් මෙරටට පසුගිය පෙබරවාරියේදී පැමිණි සංචාරකයින් ප්‍රමාණය සියයට 165 කින් වර්ධනය වී සංචාරකයින් 27,425 දෙනෙකු පැමිණ තිබේ. දෙවැනියට වැඩිම වර්ධනයක් ඉන්දීය සංචාරකයින් පෙන්වද්දී, තෙවැනියට වැඩිම පැමිණීමේ වර්ධනයක් දකින්නට ලැබෙන්නේ බ්‍රිතාන්‍යය සංචාරකයින්ගේයි. බ්‍රිතාන්‍යය සංචාරකයින් පැමිණීම සියයට 6.3 කින් වර්ධනය වී 15,212 ක්වී…

(0)Comments | March 6, 2015 12:49 pm

නව රජයේ අයවැය හිඟය සපුරාගැනීම අභියෝගයක් – මූල්‍ය අරමුදල කියයි

පසුගිය මාස හයක කාලය පුරා මෙරට විදේශ සංචිතය අඩු වෙමින් තිබුණත් මේ මොහොතේ ලංකාවට ගෙවුම් ශේෂයට සහනයක් ලෙස ණය ලබාගැනීමේ හදිසි අවශ්‍යතාවයක් මතුව නැතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියයි. ශ්‍රී ලංකාව වෙනුවෙන් පත්කර තිබෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ධූත මණ්ඩල ප්‍රධානී ටොඩ් ස්නෙයිඩර් (Todd Schneider) අද කොළඹදී මේ බව පැවසූ අතර හෙතෙම අවධාරණය කළේ විනිමය වෙළඳ පොළ…

(0)Comments | March 4, 2015 1:02 pm

මහ බැංකුව විශේෂ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය ඉවත් කරයි

පුද්ගලික අංශය වෙත ණය ගලා යෑමේ දැකිය හැකි ස්ථාවර වර්ධනය හේතුවෙන් නිත්‍ය තැන්පතු පහසුකම (Special Standing Deposit Facility) වෙත ප්‍රවේශවීම සීමා කිරීම තවදුරටත් අවශ්‍ය නැතැයි සඳහන් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව 2015 මාර්තු 02 වනදා සිට බලපැවැත්වෙන පරිදි සියයට 5.00 ක විශේෂ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය (Special Standing Deposit Facility Rate) ඉවත් කර තිබේ. සියයට…

(0)Comments | March 3, 2015 1:27 pm

අපේ විදේශ සංචිතය ටික ටික දියවෙයි

2014 දෙසැම්බර් මාසය වනවිට ඩොලර් මිලියන 8,208 ක මට්ටමක තිබූ මෙරට නිළ විදේශ සංචිතය (official foreign reserves) 2015 ජනවාරි මාසය වනවිට ඩොලර් මිලියන 7,261 ක් දක්වා පහත බැස තිබෙන බව රජයේ නවතම දත්ත මගින් අනාවරණය වේ. මෙරට විදේශ සංචිතය 2014 අගෝස්තු මාසය වනවිට ඩොලර් මිලියන 9,200 ක් තරම් ඉහළ අගයක පවා පැවතුණි. විශ්ලේෂකයින් විසින් පසුගිය…

(0)Comments | February 26, 2015 7:48 am