Exclusive- ශ්‍රී ලංකාවේ සිදුකරන පළමු විශාලතම බැංකු ඒකාබද්ධ කිරීම වන NDB හා DFCC ඒකාබද්ධ කිරීම සඳහා උපදෙස් ලබාගැනීමට මෙවැනි ඒකාබද්ධ කිරීම් පිළිබඳව ගෝලීය වශයෙන් විශාල ප්‍රසිද්ධියක් ලබා තිබෙන ඇමරිකානු බොස්ටන් කන්සල්ටින්ග් ගෘප් (Boston Consulting Group) තෝරාගෙන ඇතැයි විශ්වාසවන්ත ආරංචි මාර්ග වලින් අප වෙත අනාවරණය වේ. මෙම බැංකු දෙක ඒකාබද්ධ කිරීම මෙරට අනිකුත් මූල්‍යායතන ඒකාබද්ධ කිරීමේ…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඩොලර් මිලියන 175 ක් වටිනා වසර පහේ බැඳුම්කර සියයට 5.3 ක පොලී අනුපාතයකට අලෙවිකළ බව බ්ලූම්බර්ග් පුවත් සේවාව වාර්තා කරයි. මෙම බැඳුම්කරයෙන් සියයට 60 ක් පමණම මිලදීගෙන තිබෙන්නේ ආසියානු ආයෝජකයින් බවත් යුරෝපීය ආයෝජකයින් බැඳුම්කරයෙන් සියයට 25 ක්ද මැදපෙරදිග ආයෝජකයින් බැඳුම්කරයෙන් සියයට 15 ක්ද මිලදීගෙන ඇතැයිද සඳහන්ය. මෙම බැඳුම්කරය සඳහා රජයේ සුරැකුම…
සයිබර්මීඩියා රිසර්ච් විසින් මෙරට ජංගම දුරකතන වෙළඳ පොළ පිළිබඳව සිදුකර තිබෙන නවතම සමීක්ෂණය මගින් අනාවරණය කර තිබෙන්නේ ලංකාවේ සමස්ත ජංගම දුරකතන වෙළඳ පොළේ වෙළඳ පොළ කොටස අනුව ප්‍රමුඛයා වන්නේ “නොකියා“ සමාගම බවයි. ස්මාර්ට් ජංගම දුරකතන වෙළඳ පොළේ කොටස අනුව ලංකාවේ අංක එකේ සමාගම සැම්සුන්ග් බව මෙම සමීක්ෂණය විසින් අනාවරණය කර ඇත. මේ අනුව, 2014 පළමු…
යෝජිත නුවර-කොළඹ අධිවේගී මාර්ග ව්‍යාපෘතිය හෙවත් උතුරු අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සඳහා මුදල් ලබාදීම සඳහා රජය සමග සාකච්ඡා පවත්වමින් සිටින බව ආසියානු සංවර්ධන බැංකුව කියයි. මෙරටට පැමිණ සිටින ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති ටකෙහිකෝ නකඕ (Takehiko Nakao) මහතා විසින් මේ බව අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අප විසින් ඇසූ පැනයකට පිළිතුරු ලබා දෙමින් පැවසීය. මෙම අධිවේගී මාර්ගයේ…
වාණිජ බැංකුවල පොලී අනුපාතය තීරණය වීමට බලපාන මහ බැංකුවේ පොලී අනුපාතය ජුනි මාසයේදීත් වෙනස් නොකිරීමට මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ. මේ අනුව, මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාත ජුනි මාසයේදී තවදුරටත් සියයට 6.5 ක් සහ සියයට 8.0 ක් ලෙස නොවෙනස්ව පවතින අතර මහ බැංකුව වාණිජ බැංකු වලට අවධාරණය කර තිබෙන්නේ ණයදීමේ පොලී අනුපාත තවදුරටත්…
අළුත්ගම සහ බේරුවල ඇතිවී තිබෙන වාර්ගික නොසන්සුන්තාවය හමුවේ ලංකාවේ සංචාරය කිරීමේදී වැඩි අවධානයක් යොමුකරන්නැයි ඕස්ට්‍රේලියාව සංචාරක අවවාදයක් යොමුකර තිබෙද්දී සංචාරකයින් ගෙන්වන්නන්ගේ සංගමයේ සභාපති මහේන්ද්‍ර කාරියවසම් මහතා පවසන්නේ මෙම ගැටුම් එම ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාරික කටයුතු වලට තවමත් බලපෑමක් එල්ලකර නොමැති බවයි. මැයි හා ජුනි කාලයේදී අළුත්ගම හා බේරුවල ප්‍රදේශ වලට සංචාරකයින් වැඩිපුර යන කාලය නොවන බවත්…
ලොව සුප්‍රසිද්ධ ඉකොනොමිස්ට් ඉන්ටෙලිජන්ස් යුනිට් (EIU) විසින් සිදුකළ නවතම වර්ගීකරණය අනුව ව්‍යාපාර කිරීමට ලොව හොඳම රට ලෙස පළමු ස්ථානයේ තවදුරටත් රැඳී සිටීමට සිංගප්පූරුව සමත්ව තිබේ. මෙම වර්ගීකරණයට අනුව ආයෝජකයින්ට මිතුරුම රට ලෙස 2009-2013 කාලය තුළත් සිංගප්පූරුව පළමු ස්ථානයේ තිබූ අතර නවතම වර්ගීකරණය සකස් කර තිබෙන්නේ 2014-2018 කාලය සඳහායි. සිංගප්පූරුවට පසුව ව්‍යාපාර කිරීමට හොඳම රට ලෙස…
AIG රක්ෂණ සමාගම ලංකාවේ ව්‍යාපාරික කටයුතු වලින් ඉවත්වීම පිළිබඳ ලිඛිත සැලැස්ම ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලයට අද ඉදිරිපත් කිරීමට නියමිත බවත් එම සැලැස්ම මණ්ඩලය විසින් අධ්‍යනය කර ඒ සඳහා අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්නා බවත් ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලයේ සභාපතිනිය වන ඉන්ද්‍රාණි සුගතදාස මහත්මිය අප සමග පැවසුවාය. ඇය සඳහන් කළේ AIG රක්ෂණ සමාගමේ කළාපීය කළමනාකාර අධ්‍යක්ෂවරයා විසින්…
ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් ඉන්දියානු ආර්ථිකය ගොඩ ගැනීම සඳහා චීනය අනුගමනය කරන ආකාරයේ ආර්ථික නගා සිටුවීමේ සැලසුමක් දියත් කර තිබෙන බව අනාවරණය වේ. ඉන්දියානු මාධ්‍ය වාර්තා කරන්නේ පාසැල් සහ වැසිකිලි දියුණු කිරීම සඳහා වඩාත් හොඳ බදු ක්‍රමයක් අනුගමනය කිරීම සහ යහපත් ප්‍රවාහන පද්ධතියක් ඇති කිරීම මෙම සැලසුමේ ප්‍රධාන අංග බවට පත්ව තිබෙන බවයි. මේ…
රජයේ කැබිනට් අමාත්‍යවරුන් විසින් මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා ආර්ථික ඝාතකයෙකු යැයි චෝදනා කරද්දී ඔහුගේ අධීක්ෂණයෙන් සකස් කළ වාර්තා පාර්ලිමේන්තුවට තවමත් ඉදිරිපත් කරමින් සිටින හෙයින් ඔහු පිළිබඳව රජයේ මතය ප්‍රකාශ කරන ලෙස ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කළේය. මේ සඳහා මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය…
Video Story