Features

ඔසාමාට වෙඩි තැබූ සෙබලා රහස් සියල්ල හෙළි කරයි

සි.අයි.ඒ. සංවිධානය විසින් සිදුකළ රහසිගත මෙහෙයුමකදී අල්කයිඩා නායක ඔසාමා බින් ලාඩ්න් පාකිස්තානයේ ඇබොට්ටාබාද්හිදී, 2011 දී මැයි 02 වනදා ඝාතනය කළත් මෙම මෙහෙයුමේ බොහෝ දේ අදටත් රහසක්ව පවතී. කෙසේවෙතත්, ඔසාමා බින් ලාඩ්න්ව වෙඩි තබා ඝාතනය කළ ඇමරිකානු සෙබලා මේ වනවිට මාධ්‍ය හමුවේ පෙනී සිට එම සිද්ධිය සිදුවූ ආකාරය අනාවරණය කර ඇත. විදෙස් මාධ්‍ය පවසන්නේ Fox News…

(0)Comments | October 31, 2014 5:45 am

කොළඹ කසල පුත්තලමට? බත්තරමුල්ල ප්‍රධාන මාර්ගයට මංතීරු හතරක්

කොළඹ නගරයේ එකතුවන කැලි කසල ඔරුගොඩවත්තේ සිට දුම්රියෙන් පුත්තලමට ගෙන ගොස් හුණුගල් කැණීමෙන් ඇතිවූ අත්හැර දැමූ දැවැන්ත වලවල් වලට දැමීමේ සැලසුමක් ඇතිබව පරිසර අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය. පුත්තලමේ පිහිටි මෙම ප්‍රදේශය ජන ශූන්‍ය බවත් මෙම සැලසුම ක්‍රියාත්මක කිරීමට වසර කිහිපයක් ගතවනු ඇති බවත් අමාත්‍යවරයා කීය. හුණුගල් කැණීමෙන් ඇතිවූ මෙම දැවැන්ත වලවල් වලට කොළඹ කැලි…

(0)Comments | October 27, 2014 12:40 pm

ඩිල්ෂාන්ගේ අළුත්ම හෝටලයේ සිරි මෙන්න – Photos

සුපිරි ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන්ට අයත් කුඩා ප්‍රමාණයේ සුඛෝපභෝගී හෝටලයක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් විවෘත කෙරුණා. ඩිල්ෂාන්ගේ දියණියන් දෙදෙනා සහ පුතු සමග මෙම අවස්ථාවට ඔහුගේ බිරිඳ වන මංජුලා තිළිණිද සහභාගී වූ අතර ‘D Pavilion Inn’ නම් මෙම හෝටලය පිහිටා තිබෙන්නේ කිරුළපන ස්ටැෆර්ඩ් පටුමගේයි. සංචාරක කර්මාන්තය වේගයෙන් වර්ධනය වෙමින් තිබීම හමුවේ මෙරට හෝටල් බොහෝ ප්‍රමාණයක්…

(0)Comments | October 23, 2014 12:22 am

සරසවිය එපා කියා නව මගක ගිය සුරූපී ඈ අද ළාබාලම බිලියන කතයි

ස්වෝත්හාසයෙන් බිලියන පතියෙකු වූ ළාබාලතම ඇමරිකානු තරුණියගේ වයස අවුරුදු 30 ක් පමණි. විශ්ව විද්‍යාල අධ්‍යාපනය අතර මගදී නතර කරන ඇය විසින් ගොඩනැගූ සමාගම විසින් මේ වනවිට මිලියන ගණනක්වූ ඇමරිකානුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂණ පුරුදු වෙනස් කිරීමට සමත්ව තිබේ. ඇයගේ නම එලිසබෙත් හෝල්ම්ස් වන්නීය. තමාගේම සමාගමක් ආරම්භ කිරීමේ අරමුණෙන් අවුරුදු 19 දී විශ්ව විද්‍යාලයෙන් අතර මගදී ඉවත්වන ඇය…

(0)Comments | October 20, 2014 6:59 am

වාහන මිලදීගෙන වසර දෙකයි. තාම ලියාපදිංචිය නෑ. Vehicles Lanka දුක මෙන්න!

මිනුවන්ගොඩ කර්මාන්ත පුරයේ Vehicles Lanka (PVT) Ltd යන සමාගම විසින් මෙරටට අමතර කොටස් ගෙන්වා එකලස් කර “Eemperor“ යන වෙළඳ නාමය යටතේ අලෙවි කර තිබෙන වාහන 90 ක් පමණ ලියාපදිංචි කර ගැනීමට නොහැකි වීමෙන් තමන් ඉමහත් අසාධාරණයකට ලක්ව ඇතැයි එම වාහන මිලදීගත් පිරිස අද කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් අනාවරණය කළේය. මෙම ස්ථානයට පැමිණි Vehicles Lanka (PVT)…

(0)Comments | October 16, 2014 10:17 am

නෙළුම් කුළුණට තවත් ඉඩම් ගැනීමට සැරසෙයි

කොළඹ 10, ඩී.ආර්. විජේවර්ධන මාවතේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් ඉදිකරමින් තිබෙන කොළඹ නෙළුම් කුළුණ නම් මීටර් 350 ක් උස බහුකාර්ය කුළුණ හා විනෝද කටයුතු මධ්‍යස්ථානය සඳහා යාබදව තිබෙන තවත් ඉඩම් ප්‍රමාණයක් පවරා ගැනීමට රජය සැරසෙයි. මෙම කටයුතු කරගෙන යාමට අමාත්‍ය මණ්ඩල අනුමැතියද ලැබී තිබේ. නෙළුම් කුළුණ ආශ‍්‍රිත භූමි ප‍්‍රදේශය වාහන නැවැත්වීමේ පහසුකම්ද සහිතව…

(0)Comments | October 11, 2014 10:38 am

ටොයොටා පළමු fuel-cell මෝටර් රථය දෙන්නේ ලොතරැයියකින්

ටොයොටා සමාගම විසින් නිපදවා තිබෙන හයිඩ්‍රජන් හා ඔක්සිජන් වායු ඉන්ධන ලෙස භාවිතා කරන පළමු fuel-cell මෝටර් රථය ලොතරැයි දිනුම් ඇදීමක් මගින් ලබාදීමට සූදානම් වන අතර ලොතරැයියක මිල ඩොලර් 100 කි. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ Environmental Media Association නැමති සංවිධානය විසින් පවත්වන මෙම ලොතරැයි දිනුම් ඇදීම වලංගු වන්නේ කැලිෆෝනියාවේ ජීවත්වන අයට පමණක් බවයි. මේ තුළින් උපයා…

(0)Comments | October 10, 2014 6:19 am

චීනය, සැම්සුන්ග්ටත් වටකර ගේම දෙයි

ගැලැක්සි ස්මාර්ට් ජංගම දුරකතන අලෙවිය අඩුවීම නිසා සමාගම විසින් බලාපොරොත්තු වූ කාර්තුමය මෙහෙයුම් ලාභ සියයට 60 කින් පමණ පහළ වැටෙනු ඇතැයි ජංගම දුරකතන හා රූපවාහිනී නිෂ්පාදනයේ ලොව දැවැන්තම සමාගම වන සැම්සුන්ග් ඉලෙක්ට්‍රොනික්ස් පුරෝකතනය කර තිබේ. මේ පිළිබඳව වාර්තා කරමින් බී.බී.සී. පුවත් සේවය සඳහන් කරන්නේ මේ වසරේ සැප්තැම්බර් වලින් අවසන් වන කාර්තුවේදී සමාගම ඩොලර් බිලියන 3.8…

(0)Comments | October 7, 2014 5:42 am

ලංකාවටත් ගොඩ බහින්න පුළුවන් සුපිරිම ලැම්බෝගිනිය මෙන්න!

එකක් දෙකක් තිබුණත් ඉතාලි මෝටර් රථ සන්නාමයක් වන ලැම්බෝගිනි ලංකාවේ ඉතාමත් ප්‍රසිද්ධය. මෙරට දේශපාලන පිටිය රත් කරන මාතෘකාවක් බවට ලැම්බෝගිනි පසුගිය කාලයේදී පත්වූ බව අප කොයි කවුරුත් දනිති. ලොව ප්‍රකට සුඛෝපභෝගී මෝටර් රථ නිපදවන ලැම්බෝගිනි සමාගම විසින් 2014 පැරිස් මෝටර් රථ ප්‍රදර්ශනයේදී සුපිරි දෙමුහුන් (hybrid) මෝටර් රථයක් එළිදක්වා තිබේ. අශ්වබල 910 ධාරිතාවයකින් යුතු මෙම මෝටර්…

(0)Comments | October 4, 2014 6:08 am

ජේම්ස් පැකර් ගැන අපි බලාපොරොත්තුවෙන් -ඇමති ලක්ෂ්මන් යාපා

හතලිස් හත් හැවිරිදි ඕස්ට්‍රේලියානු ආයෝජක ජේම්ස් ඩග්ලස් පැකර් විසින් දේශීය ව්‍යාපාරික රවී විජේරත්න සමග එක්ව ගොඩනැගූ “ද ලේක් ලෙෂර් හෝල්ඩින්ග්ස්“ සමාගම විසින් කොළඹ සිදුකිරීමට සැලසුම් කර තිබෙන මිශ්‍ර හෝටල් ව්‍යාපෘතිය පිළිබඳව රජය තවදුරටත් බලාපොරොත්තු තබාගෙන සිටින බවත් එම ව්‍යාපෘතිය සිදුකරන ඉඩමට ගෙවිය යුතු මුදල් වලින් ඔවුන් විසින් සියයට 20 ක පමණ ප්‍රමාණයක් මේ වනවිට ගෙවා…

(0)Comments | October 2, 2014 5:02 am