Features

ඩුබායි Gold Souk පන්නයේ ස්වර්ණාභරණ වෙළඳපොළක් අනිද්දාට පිටකොටුවේ

පිටකොටුව ශාන්ත ජෝන් මාළු වෙළඳ පොළ තිබූ ස්ථානයේ ඩුබායි Gold Souk වෙළඳ පොළ පන්නයේ ස්වර්ණාභරණ වෙළඳ සැල් සඳහාම ගොඩනැගූ වෙළඳ පොළ ලබන සිකුරාදා විවෘත කරන බව නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා කියයි. නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමල් පෙරේරා මහතා අප සමග පැවසුවේ මෙම වෙළඳ පොළේ ස්වර්ණාභරණ අලෙවිසැල් 84 ක් පමණ පිහිටුවීම සඳහා ඉඩ පහසුකම් තිබෙන බවයි….

(0)Comments | September 3, 2014 11:37 am

ගුවන් යානා 11 ක් අතුරුදන්. සැප්තැම්බර් 11 ප්‍රහාරය සැමරීමේ ප්‍රහාරයකටදැයි සැකයක්

ඉස්ලාමීය සන්නද්ධ අන්තවාදීන් ගුවන් යානා 11 ක් පමණ මේ වනවිට පැහැරගෙන තිබෙන බවත් ඒවා සැප්තැම්බර් 11 වනදා ඇමරිකානු ලෝක වෙළඳ මධ්‍යස්ථානයට එල්ලකළ ප්‍රහාරය සැමරීම සඳහා ඒ ආකාරයේ ප්‍රහාරයකට යොදාගැනීමේ අවධානමක් තිබෙන බවටත් ඇමරිකාව අනතුරු හඟවා ඇතැයි වාර්තා වේ. විදෙස් වාර්තා සඳහන් කරන ආකාරයට ඉස්ලාමීය සන්නද්ධ අන්තවාදීන් විසින් මේ ආකාරයෙන් පසුගියදා ගුවන් යානා හොරකම් කර තිබෙන්නේ…

(0)Comments | September 3, 2014 9:25 am

සිනමන් රෙඩ්- කොළඹට තවත් සුපිරි හෝටලයක්

රුපියල් බිලියන 3.5 ක ආයෝජනයකින් ඉදිකළ සිනමන් රෙඩ් සුපිරි හෝටලය ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු සම්භාවනීය පිරිසකගේ සහභාගීත්වයෙන් විවෘත කෙරුණි. Cinnamon Hotels & Resorts හෝටල් ජාලයට අයත් වන මෙම හෝටලය පිහිටා තිබෙන්නේ කොළඹ 03 ආනන්ද කුමාරස්වාමී මාවතේයි. සුපිරි පහසුකම් පිරි මෙම හෝටලයේ තිබෙන කාමර ප්‍රමාණය 243 කි.

(0)Comments | September 2, 2014 7:13 am

වයස 35 දී ශ්‍රී ලංකන් පනින අළුත් පිම්ම

35 වන වසර සපුරමින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහන් කරන්නේ සිය යානා ඇණියට පළමු A330-300 ගුවන් යානය ලබන ඔක්තෝම්බර් මාසයේදී එක්කරන බවත් එය සිය මගීන්ට අළුත් අත්දැකීමක් වනු ඇති බවයි. ශ්‍රී ලංකන් ගුවන් යානා ඇණිය අළුත් කිරීම යටතේ පුළුල් බඳ සහිත A330-300 ගුවන් යානා 06 ක් සහ A 350 -900 ගුවන් යානා 07 ක් මිලදී…

(0)Comments | September 1, 2014 4:31 am

සීෂෙල්ස් මාළුත් ලංකාවට ගොඩ බහින හැඩ

සීෂෙල්ස් රාජ්‍යයෙන් ලංකාවට පරිභෝජනය සඳහා මාළු ගෙන්වීමට අවධානය යොමුවී තිබෙන බවත් මේ සම්බන්ධයෙන් මේ වනවිට දෙරට අතර සාකච්ඡා ආරම්භ වී ඇති බවත් එරට වෙළඳ හා ආයෝජන අමාත්‍ය පියරේ ලැපෝර්ට් (pierre Laporte) මහතා කොළඹදී පැවසීය. කුඩා දූපත් රාජ්‍යයක් වන සීෂෙල්ස් රාජ්‍ය සමග ලංකාව ආර්ථික සබඳතා තර කර ගනිමින් සිටින අතර එරට ප්‍රධානතම කර්මාන්ත වන්නේ ධීවර හා…

(0)Comments | August 29, 2014 4:57 am

ලංකාවට එන්නෙ, ගැටලු විසඳුවොත් පමණක් යැයි පැකර් දැනුම් දෙයි

කැසිනෝ රජෙකු ලෙස සැලකෙන ඕස්ට්‍රේලියානු ව්‍යාපාරික ජේම්ස් පැකර් විසින් ඩොලර් මිලියන 400 ක් පමණ ආයෝජනය කරමින් කොළඹ ඉදිකිරීමට සැලසුම් කර තිබෙන මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියට අදාළව නීතිමය ගැටලු කිහිපයක් මතුව තිබෙන නිසා ව්‍යාපෘතිය තවදුරටත් පමාවනු ඇතැයි වාර්තාවේ. ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය මේ බව වාර්තා කර ඇත. මෙම නීතිමය…

(0)Comments | August 28, 2014 4:12 am

ලලිත් කොතලාවල රෝද පුටුවෙන් පැමිණ අළුත් ඉල්ලීමක් කරයි -video

ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් සමාගම බංකොලොත්වීම නිසා අමිහිරි අත්දැකීමකට මුහුණ දුන් සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපතිවරයා වූ ලලිත් කොතලාවල මහතා කලකට පසුව රෝද පුටුවකින් පැමිණ අද මාධ්‍ය හමුවේ පෙනී සිටියේය. වත්මන් ගෝල්ඩන් කී පාලනාධිකාරිය විසින් තැන්පතු කරුවන්ට මුදල් ආපසු ගෙවීම සඳහා දේපොළ විකිණීමේදී අක්‍රමිකතා සිදුකරනවා යැයි අද කොළඹදී උද්ඝෝෂණයක් සිදුකළ ලලිත් කොතලාවල මහතාට පක්ෂපාතී ගෝල්ඩන්…

(0)Comments | August 22, 2014 10:38 am

අද සිට පිටකොටුවට බැංකොක් Damnoen Saduak සිරි

විදේශීය සංචාරකයින්ට දේශීය භාණ්ඩ අලෙවි කිරීමේ මූලික අරමුණෙන් නිර්මාණය කළ පිටකොටුව බැස්ටියන් මාවතේ වෙළඳ සැල් 92 කින් සමන්විත “පාවෙන වෙළඳ පොළ“ (Floating Market) අද පස්වරුවේදී විවෘත කෙරේ. නාගරික සංවර්ධන අධිකාරිය පවසන්නේ පිටකොටුව බැස්ටියන් මාවතේ ප්‍රධාන දුම්රියපොළ සහ මධ්‍යම බස් නැවතුම්පොළ පිහිටි ප්‍රදේශය කේන්ද්‍රකර ගනිමින් ඉදිකළ මෙම වෙළඳ පොළ සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විවෘත…

(0)Comments | August 22, 2014 5:36 am

හම්බන්තොට වරායට චීනය ආවේ ඇයි? සුබ්‍රමනියම් ස්වාමි කොළඹදී කියයි

භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු සහ ආර්ථික විද්‍යාඥයෙකු වන ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි කොළඹදී පැවැත්වෙන 2014 ආරක්ෂක සමුළුව අමතමින් අද පැවසුවේ හම්බන්තොට වරාය ඉදිකිරීම සඳහා ලංකාව චීනය කැඳවා ගත්තේ එම අවස්ථාව ඉන්දියාව විසින් පැහැර හැරීම නිසා බවයි. හම්බන්තොට වරාය ඉදිකිරීම සඳහා ලංකාව එකළ ඉන්දියාවේ සහයෝගය ඉල්ලා තිබුණු බවත් එහිදී කරුණානිධි එයට විරුද්ධ වීම නිසා ඉන්දියාව එම…

(0)Comments | August 20, 2014 8:10 am

Viva ELITE ඊළඟ කාර් පොඩ්ඩා ලීටරයට කිලෝ මීටර් 22ක් දුවයි ?

මෙරට අතිශයින් ජනප්‍රිය Viva ELITE මෝටර් රථ නිපදවන මැලේසියානු පෙරුඩුවා සමාගම විසින් ළඟදීම එළිදැක්වීමට සූදානම් වන Perodua Axia නමින් නම්කර තිබෙන කුඩා මෝටර් රථය පෙට්රල් ලීටරයකින් කිලෝ මීටර් 21.6 ක් ධාවනය කළ හැකියැයි වාර්තා වේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ බලශක්ති කාර්යක්ෂම වාහනයක් (energy efficient vehicle (EEV)) ලෙස නිපදවා තිබෙන මෙම වාහන 30,000 ක් මේ වසරේදී…

(0)Comments | August 20, 2014 5:59 am