Features

මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු කොටසේ කොන්ත්‍රාත්තුව සඳහා අනුමැතිය

මධ්‍යම අධිවේගී මාර්ගයේ කොස්සින්න සිට මීරිගම දක්වා කිලෝ මීටර් 32.55 ක් වන කොටස ඉදිකිරීම සඳහා කොන්ත්‍රාත්තුව රජය විසින් අනුමත කර තිබේ. මෙම අනුමත කිරීම සඳහා ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවේ තීරණය අනුව මුදල් අමාත්‍යංශය විසින් පත්කරන ලද සාකච්ඡා කමිටුවල නිර්දේශය සැලකිල්ලට ගෙන ඇත. රජය සඳහන් කරන්නේ මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු කොටස කඩවත සිට…

(0)Comments | July 23, 2015 10:33 am

රාජගිරිය මංසන්ධියට මංතීරු හතරක ගුවන් පාලමක්

මාර්ග තදබදය අවම කිරීමේ අරමුණෙන් රාජගිරිය මංසන්ධියේ මංතීරු හතරකින් යුතු වානේ ගුවන් පාලමක් ඉදිකිරීමට රජය සූදානම් වේ. මීටඅමතරව, ගණේමුල්ල සහ පොල්ගහවෙල දුම්රිය හරස් මාර්ගයන්ට ඉහළින් මංතීරු දෙකකින් යුතු ගුවන් පාලම් දෙකක් ඉදිකිරීමටද රජය තීරණය කර තිබේ. මෙම ව්‍යාපෘති සඳහා ස්පාඤ්ඤ රජයෙන් සහ ස්පාඤ්ඤයේ BBVA බැංකුවෙන් අරමුදල් ලබාගැනීම සඳහා ගිවිසුම් වලට එළඹීමට නියමිතය.

(0)Comments | July 16, 2015 10:38 am

විදුලි වාහන ආරෝපණය කිරීමේ ස්ථාන 100 ක් ළඟදීම රටපුරා

විද්‍යුත් වාහන ගෙදරදී මෙන් සාමාන්‍ය ආකාරයට ආරෝපණය කර ගැනීම සඳහා විදුලිය ලබාගත හැකි ස්ථාන 100 ක් දිවයින පුරා පිහිටුවීමට වාසනා ට්‍රේඩිං සමාගම සූදානම් වේ. මේ පිළිබඳව අප සමග අදහස් දක්වමින් වාසනා ට්‍රේඩිං සමාගමේ අධ්‍යක්ෂ, ඉන්දික සම්පත් මෙරෙංචිගේ මහතා සඳහන් කළේ අවන්හල්, සුපිරි වෙළඳ සැල් වැනි ජනතාව කාලය ගත කරන ස්ථානවල මෙම සාමාන්‍ය ආරෝපණ ස්ථාන ආරම්භ…

(0)Comments | July 16, 2015 7:20 am

රජය මධ්‍යම අධිවේගිය හදන හැටි මෙන්න!

මධ්‍යම අධිවේගී මාර්ගය කොටස් හතරකට බෙදා ක්‍රියාත්මක කිරීමට වත්මන් රජය තීන්දු කර ඇතැයි සඳහන් කර තිබේ. මේ අනුව, පළමු කොටස චීනයේ එක්සිම් බැංකුවේ ණය මත කඩවත සිට මීරිගම දක්වාත්, දෙවන කොටස ආසියානු සංවර්ධන බැංකුවේ ණය මත මීරිගම සිට කුරුණෑගල දක්වාත් ක්‍රියාත්මක කිරීමට නියමිත බව රජය පවසයි. මීට අමතරව, තෙවන කොටස ජපාන ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනයේ (JICA)…

(0)Comments | July 10, 2015 9:35 am

ගිය රජය සංවර්ධනය කිරීමට සූදානම් වූ මාර්ග 08 ක් නව රජය වෙනස් කරයි

චීන සංවර්ධන බැංකුව මගින් ඇමරිකානු ඩොලර් මිලියන 100 ක ණය මුදලක් ගෙන ක්‍රියාත්මක කරන මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය කිරීමට කලින් හඳුනාගෙන තිබූ මාර්ග වෙනුවට වඩා ප්‍රමුඛතාවය ලබාදිය යුතු මාර්ග හඳුනා ගනිමින් ඒවා සංවර්ධනය කිරීමට මහා මාර්ග සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශය සූදානම් වේ. මේ අනුව, මෙම ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය කිරීම සඳහා මුලින් හඳුනාගෙන තිබූ මාර්ග…

(0)Comments | July 8, 2015 7:58 am

මිනේක, සිලෝන් බිස්කට්ස් ලොකු පුටුවට සමුදෙයි

1968 වසරේදී සිලෝන් බිස්කට්ස් සමාගම ආරම්භ කළ මිනේක පී. වික්‍රමසිංහ මහතා වසර 48 ක කාලයක් දැරූ සිලෝන් බිස්කට්ස් සමාගම් සමූහයේ සභාපති ධූරයෙන් විශ්‍රාම ගෙන තිබේ. සමාගම සඳහන් කරන්නේ පසුගිය ජුනි 24 වනදා පැවති අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගත් බවත් නියෝජ්‍ය සභාපතිවරයා ලෙස කටයුතු කළ රම්‍ය වික්‍රමසිංහ මහතා සමූහයේ නව සභාපතිවරයා ලෙස අධ්‍යක්ෂ මණ්ඩලය විසින්…

(0)Comments | July 6, 2015 7:51 am

නවලෝක රෝහල, තට්ටු 14 ක මෝටර් රථ අංගනයක් සහ විශේෂඥ මධ්‍යස්ථානයක් ඉදිකිරීම අරඹයි

කොළඹ නවලෝක රෝහලට යාබදව තට්ටු 14 කින් යුතු මෝටර් රථ අංගනයක් සහ විශේෂඥ මධ්‍යස්ථානයක් ඉදිකිරීම සඳහා රෝහල මුල පුරයි. රුපියල් බිලියන 2.5 ක් පමණ ආයෝජනය කරන මෙම ඉදිකිරීම තුළින් අළුතින් වර්ග අඩි 450,000 ක පමණ ඉඩකඩක් එකතු වනු ඇතැයි රෝහල සඳහන් කරයි. මෙම ව්‍යාපෘතිය ලබන වසරේ මැයි මාසයේදී අවසන් කිරීමට සැලසුම් කර තිබේ.

(0)Comments | July 2, 2015 1:08 pm

ඉන්දියාව අරඹන රුපියල් බිලියන 105 ක, හදිසි ගිලන් රථ සේවාව ගැන ආචාර්ය හර්ෂ ද සිල්වා උත්තර දෙයි -Vedio Interview

රෝගී වූ හෝ අනතුරකට පත්වූ තැනැත්තෙකු පළමු මිනිත්තු කිහිපය ඇතුළත රෝහලක් වෙත ගෙන යාමේ අරමුණෙන් ගිලන් රථ 297 ක් යොදා ගනිමින් හදිසි ගිලන් රථ සේවයක් ශ්‍රී ලංකාව පුරාම ක්‍රියාත්මක කිරීමට රුපියල් බිලියන 105 කට ආසන්න ප්‍රදානයක් ලබාදීමට ඉන්දියාව සූදානම් වේ. ලාභ නොලබන ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කරන මෙම හදිසි ගිලන් රථ සේවය අදියර 04 කින් ක්‍රියාත්මක…

(0)Comments | June 29, 2015 12:17 pm

දකුණු සහ නුවර අධිවේගී මාර්ග වලට රජය අවසන් මොහොතේ අත තියයි

දැනට කොට්ටාවේ සිට මාතර ගොඩගම දක්වා දිවෙන දකුණු අධිවේගී මාර්ගය දීර්ඝ කිරීමේ ව්‍යාපෘතිය ජූලි 04 වනදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ආරම්භ කරන බව මහා මාර්ග සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය කබීර් හෂීම් සඳහන් කළේය. ඔහු අද කොළඹදී පැවසුවේ පිටත වටරවුම් මාර්ගයේ තුන්වන අදියර වන කඩවත සිට කෙරවලපිටිය දක්වා කිලෝ මීටර් 9.32 ක කොටසේ වැඩද ලබන…

(0)Comments | June 24, 2015 12:30 pm

සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ රැජිණගේ උපන් දිනය සැමරූ අය හදිසියේ ලෙඩවූ හේතුව මෙන්න!

ජුනි 12 වනදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ “Oak Room“ හි පැවති බ්‍රිතාන්‍ය රැජිණගේ උපන් දිනය සැමරීම සඳහා “Sri Lanka UK society“ විසින් සංවිධානය කළ රාත්‍රී සාදයේදී ආහාර ලබාගත් අමුත්තන් 20 දෙනෙකු පමණ රෝහල් ගතකිරීමට අදාළව හෝටලය අභ්‍යන්තර පරීක්ෂණයක් සිදුකර තිබෙන අතර මෙහිදී අමුත්තන්ට ලබාදුන් ආහාර පරීක්ෂාවකට ලක්කර තිබේ. මේ අනුව, හෝටලයේ කළමනාකාරීත්වය සඳහන් කර තිබෙන්නේ…

(0)Comments | June 23, 2015 6:58 am