Features

මෙරට පළමු එළිමහන් සත්ත්වෝද්‍යානය එයි. දිග පළල අක්කර 44 යි

පින්නවල අලි අනාථාගාරයට යාබදව අක්කර 44 ක භූමි භාගයක ඉදිකර ඇති මෙරට ප්‍රථම එළිමහන් සත්ත්වෝද්‍යානය අද විවෘත කෙරෙන අතර මෙරටට ආවේණික සතුන් සඳහා මෙම උද්‍යානය වෙන්කර තිබේ. රජය සඳහන් කර තිබෙන්නේ දිවියන්, වළසුන්, මුවන්, කිඹුලන් සංරක්ෂණය කර ඔවුන්ගේ චර්යාවන් නිරීක්ෂණය කිරීමේ කටයුතුද මෙහිදී සිදුකරන බවයි. මෙම එළිමහන් සත්ත්වෝද්‍යානය සඳහා රුපියල් මිලියන 862 ක් වැයකර ඇති…

(0)Comments | April 17, 2015 4:21 am

ලොක්කෝ 10 ක් ලංකා බැංකුවේ බිලියන 2.5 කට පොලු තියලා. අළුත්ම කෝප් වාර්තාවෙන් හෙළිවන කරුණු මෙන්න!

පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හෙවත් කෝප් කමිටුව විසින් ඉදිරිපත් කර තිබෙන නවතම අතුරු වාර්තාවෙන් අනාවරණය කර තිබෙන්නේ ලංකා බැංකුවේ මහා පරිමාණ ගනුදෙනු කරුවන් 10 දෙනෙකු පමණක් ලබාගෙන තිබෙන ණය වලින් රුපියල් බිලියන 2.5 ක් අක්‍රීය ණය ලෙස තිබෙන බවයි. 2014 ඔක්තෝම්බර් සහ 2015 මාර්තු මාසය යන කාල පරිච්ඡේදය සඳහා නිකුත් කර තිබෙන…

(0)Comments | April 10, 2015 5:54 am

මුරලිගේ ආයෝජනය ගැන ආයෝජන මණ්ඩලයෙන් පැහැදිලි කිරීමක්

බීම වර්ග ඇසීරීම සඳහා යොදාගන්නා ඇලුමිනියම් කෑන් සකස් කිරීමේ මෙරට පළමු කර්මාන්ත ශාලාව සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් විසින් ඩොලර් මිලියන 63 ක ආයෝජනයකින් නුදුරේදී පිහිටුවීමට සූදානම් වනබව පසුගියදා වාර්තා වුවත් නම හෙළි කිරීමට අකමැති වූ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නිළධාරියෙකු අප වෙත සඳහන් කළේ එම පුවත නිවැරදි විය යුතු බවයි. මෙම කර්මාන්ත ශාලාව මීට…

(0)Comments | April 8, 2015 10:19 am

Exclusive- වාණිජ බැංකු ප්‍රධානීන් කිහිප දෙනෙකුට ඉල්ලා අස්වන්නැයි දැනුම්දීම අභියෝගයට ලක්වන හැඩ

මෙරට පුද්ගලික වාණිජ බැංකු කිහිපයක ප්‍රධානීන්ට ඉල්ලා අස්වන්නැයි මුදල් අමාත්‍යංශය විසින් කර තිබෙන දැනුම්දීම අභියෝගයට ලක්කරමින් අධිකරණයට යෑමට හැකියාවක් තිබෙනවාදැයි එක්තරා පාර්ශවයක් විසින් මේ වනවිට සලකා බලමින් සිටින බව ඉතාමත් විශ්වාසවන්ත ආරංචි මාර්ග වලින් අප වෙත අනාවරණය වේ. මෙම පුද්ගලික වාණිජ බැංකුවල රජයට අයිති කොටස් අයිතිය නියෝජනය කරමින් පත්වීම් ලබා තිබෙන ප්‍රධාන පෙළේ කිහිප දෙනෙකුටම…

(0)Comments | March 30, 2015 9:36 am

ආන්දෝලනාත්මක බැඳුම්කර නිකුතුවට එරෙහි පීඩනය තවත් දැඩිවේ. චන්ද්‍රා ජයරත්න ශ්‍රේෂ්ඨාධිකරණයට

ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපතිවරයෙකු මෙන්ම සමාජ ක්‍රියාකාරිකයෙකු වන නීතිඥ චන්ද්‍රා ජයරත්න මහතා ඇතුළු තවත් දෙදෙනෙකු ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගියදා සිදුකළ ආන්දෝලනාත්මක 30 අවුරුදු බැඳුම්කර නිකුතුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ. මෙම පෙත්සම ගොනුකිරීම සඳහා එක්වී සිටින අනිකුත් දෙදෙනා වන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවය කළ ආචාර්ය ජී. උස්වත්ත ආරච්චි…

(0)Comments | March 28, 2015 6:45 pm

චෝදනාවන්ට ඖෂධ සමාගම් උත්තර දෙයි

ඖෂධ කර්මාන්තය තුළ විවිධ අක්‍රමිකතා හා දූෂණ සිදු වී ඇති බවට විවිධ මාධ්‍යවල මෑතකදී පළවූ වාර්තා පිළිබඳ ප්‍රකාශයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත සංසදය (SLCPI) තම සංසදය සම්බන්ධයෙන් එකී චෝදනා සම්පූර්ණයෙන්ම බැහැර කරන බව තරයේ ප්‍රකාශ කර ඇත. රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය සඳහා අවශ්‍ය කරන කවර හෝ අනිවාර්ය අවශ්‍යතාවයන් සඳහා තම සංසදයේ පූර්ණ සහයෝගය…

(0)Comments | March 27, 2015 6:49 am

හම්බන්තොට හිරවූ කාර් වෙන්දේසි කරනවාද ?

මෝටර් රථවල බදු වැඩිකිරීම නිසා අපහසුතාවයට පත්වී සිටින වාහන ආනයනකරුවන් මෙරටට ගෙන්වා හම්බන්තොට වරායේ හිරවී තිබෙන මෝටර් රථ 2000 ක් පමණ ප්‍රමාණයක් වෙන්දේසි කරනවා යනුවෙන් තර්ජනය කිරීමට වඩා වැදගත් වන්නේ රජය විසින් මෙම ආනයනකරුවන්ට සහනයක් ලබාදීම බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා පවසයි. ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙංචිගේ අප සමග පැවසුවේ පසුගිය…

(0)Comments | March 24, 2015 6:28 am

ලොව සතුටුම මිනිසා නොහොත් මග්ගොන සුගතපාල අද කියන කතාව මෙන්න! (Video)

ලොව සතුටින්ම සිටින මිනිසා ලෙසින් පසුගියදා ලෝක සම්මානයට පාත්‍රවූ මග්ගොන නිව් මෝනිස් බේකරියේ ආරක්ෂක සේවකයෙකු ලෙසින් කටයුතු කරන වැලිපැන්න විතානගේ සුගතපාල මහතා ලෝක සතුටු දිනය (World Happiness Day) යෙදෙන අද අප සමග පිළිසඳරකට සහභාගී විය. YouTube ඔස්සේ පැවැත්වූ ‘Happiest Man in the World’ නැමති තරගයෙන් වැඩිම මනාප ගණනක් ලබා ලොව සතුටින්ම සිටින මිනිසා ලෙසින් සුගතපාල…

(0)Comments | March 20, 2015 12:55 pm

ලංකාව කෙරෙහි ආයෝජක විශ්වාසය බිඳ වැටෙනු ඇතැයි ටාටා හවුසිං කියයි

ටාටා හවුසිං සමාගම විසින් කොම්පඤ්ඤවීදියේ සිදුකරන නිවාස ව්‍යාපෘතිය නැවත ඇගයීමට නව රජය විසින් තීන්දු කර ඇතැයි සඳහන් කරමින් මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් එල්ල වෙමින් තිබෙන චෝදනා පදනම් විරහිත බවත් මෙවැනි තත්ත්වයන් තුළින් ලංකාව කෙරෙහි ආයෝජකයින් තුළ තිබෙන විශ්වාසය බිඳ වැටෙනු ඇති බවත් ටාටා හවුසිං සමාගම අවධාරණය කර තිබේ. මෙම ව්‍යාපෘතිය චෝදනාවට ලක්කරමින් පළවී තිබෙන මාධ්‍ය වාර්තා…

(0)Comments | March 12, 2015 1:36 pm

අපේ ගිවිසුම් සහ ව්‍යාපාරික කොන්ත්‍රාත් වලට ගරු කරන්න -චීනය මෙරටට අවධාරණය කරයි

ශ්‍රී ලංකාව සහ චීනය අතර අත්සන් කර තිබෙන ද්විපාර්ශවික ගිවිසුම් සහ ව්‍යාපාරික කොන්ත්‍රාත් වලට ගරු කරන්නැයි චීනය මෙරටට අවධාරණය කර තිබේ. ඩොලර් බිලියන 1.4 ක පමණ ආයෝජනයකින් ඉදිකිරීමට සැලසුම් කර තිබෙන කොළඹ වරාය නගර ව්‍යාපෘතිය අත්හිටුවීමෙන් පසුව මෙරට චීන තානාපති කාර්යාලය විසින් ලංකාවට දැනුම් දී තිබෙන්නේ සිය ආයෝජකයින්ගේ අභිලාෂයන් ආරක්ෂා කිරීමට පියවර ගන්නා ලෙසයි. අග්‍රාමාත්‍ය…

(0)Comments | March 9, 2015 6:19 am