Features

ජනපති මෛත්‍රීගේ ඖෂධ කතාවට උත්තර දෙන්න සමාගම් සැරසෙන ලකුණු

ඖෂධ ප්‍රතිපත්තියට අදාළ පනත් කෙටුම්පත අතුරුදන් කිරීම සඳහා සමාගම් 400 කින් රුපියල් කෝටි 100 ක මුදලක් ලබාගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී පසුගිය බදාදා (04) කළ ප්‍රකාශයට අදාළව ඉදිරියේදී කරුණු පැහැදිලි කිරීමේ අරමුණෙන් ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත කරුවන්ගේ සංසදය (Sri Lanka Chamber of the Pharmaceutical Industry) අද පස්වරුවේදී විශේෂ…

(0)Comments | March 6, 2015 1:46 pm

තොරතුරු දැන ගැනීමේ පනතේ භයානක පැත්තක් ගැන මහාචාර්ය රොහාන් සමරජීව අවධාරණය කරයි

තොරතුරු දැන ගැනීමේ පනතින් පුද්ගලික අංශයේ ව්‍යාපාරික තොරතුරු දැනගැනීමේ අයිතිය ලබා නොදිය යුතු බවත් පුද්ගලික අංශයේ තරගකාරී රහස් ව්‍යාපාරික තොරතුරු දැන ගැනීමේ අයිතියද මෙම පනතින් ලබාදෙන්නේ නම් එය භයානක තත්ත්වයක් බවත් ලර්න් ඒෂියා ආයතනයේ සභාපති මහාචාර්ය රොහාන් සමරජීව මහතා අවධාරණය කරයි. මේ නිසා, වත්මන් රජය විසින් කෙටුම්පත් කරමින් සිටින තොරතුරු දැන ගැනීමේ පනත පිළිබඳව ව්‍යාපාරික…

(0)Comments | March 2, 2015 7:51 am

භික්ෂූන් වහන්සේ නමක් ලයිස්තුගත සමාගමක අධ්‍යක්ෂ මණ්ඩලයට පත්කිරීමේ වරද මොකක්ද ? – මුදල් ඇමති අහයි

බෞද්ධ රටක් වන ශ්‍රී ලංකාවේ ලයිස්තුගත සමාගමක අධ්‍යක්ෂ මණ්ඩලයට භික්ෂූන් වහන්සේ නමක් පත්කිරීමේ වරද කුමක්දැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මාධ්‍යවේදීන්ගෙන් විමසීය. අද උදෑසන මුදල් අමාත්‍යංශයේදී පැවති මාධ්‍ය හමුවකදී නැගුණු පැනයක් වූයේ මෙරට ඉතිහාසයේ පළමු වරට ලයිස්තුගත සමාගමක අධ්‍යක්ෂ මණ්ඩලයට භික්ෂූන් වහන්සේ නමක් පත්කිරීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා දක්වන අදහස කුමක්ද කියායි. එම පැනයට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා…

(0)Comments | February 25, 2015 8:27 am

වාහන ආනයන කරුවන්ගෙන් තවත් ඉල්ලීමක් – Brand New සහ Used ලෙස කාණ්ඩ දෙකක් ඕනෑ

අතුරු අයවැය මගින් හයිබ්‍රීඩ් වාහන සඳහා පනවා තිබෙන බදු අඩුකරන්නැයි කොතරම් ඉල්ලීම් කළද මුදල් අමාත්‍යවරයා තම සංගමයේ ඉල්ලීම් වලට ඇහුම්කන් දෙන්නේ නැතැයි ලංකා වාහන ආනයනය කරන්නන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙංචිගේ මහතා කියයි. ඔහු අප සමග පැවසුවේ වාහන ආනයනකරුවන් ගෙන්වූ ජනවාරි 29 වනදාට පෙර ණයවර ලිපි (Letter of Credits)  විවෘත කර තිබෙන හයිබ්‍රීඩ් වාහන සඳහා…

(0)Comments | February 24, 2015 7:05 am

Exclusive -උතුරු අධිවේගියට දුන් දේශීය කොන්ත්‍රාත් අවලංගු කිරීමට සැරසෙයි

ශ්‍රී ලංකාවේ දැවැන්තම සංවර්ධන ව්‍යාපෘතිය ලෙසින් සැලකෙන උතුරු අධිවේගී මාර්ග ව්‍යාපෘතිය සිදුකිරීමට පසුගිය රජය විසින් දේශීය කොන්ත්‍රාත්කරුවන් තෝරාගෙන තිබෙන්නේ තරගකාරී විවෘත ක්‍රමයකට නොවන නිසා එම කොන්ත්‍රාත් අවලංගු කිරීමට පියවර ගන්නා බව, මහා මාර්ග සහ ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා අප සමග පැවසීය. අමාත්‍යවරයා සඳහන් කළේ මේ වනවිට ඉදිකිරීම් අත්හිටුවා තිබෙන උතුරු අධිවේගී මාර්ගයේ…

(0)Comments | February 23, 2015 8:00 am

ආන්දෝලනාත්මක “පෝර්ට් සිටි“ ව්‍යාපෘතියේ ඉරණම විසඳෙන්නේ මෙහෙමයි

චීනය සහ ශ්‍රී ලංකාව එක්ව ඩොලර් බිලියන 1.6 ක පමණ ආයෝජනයකින් සිදුකිරීමට සැලසුම් කර තිබෙන කොළඹ “පෝර්ට් සිටි“ හෙවත් වරාය නගර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ගැඹුරින් කරුණු විමර්ශනය කිරීම සඳහා පත්කර තිබෙන විශේෂඥ කමිටුව විසින් ඉදිරිපත් කිරීමට නියමිත වාර්තාව සහ එම පරීක්ෂණයේදී හෙළිදරව් කරගන්නා කරුණු අනුව මෙම ව්‍යාපෘතිය සිදුකිරීම පිළිබඳව අවසන් තීරණයක් ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ…

(0)Comments | February 19, 2015 5:34 am

දිගුකරන ලෙන්ගතුකම වැළඳ ගැනීමට සූදානම් – මහින්ද කියයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් දිගු කරන සහෝදරත්වයේ ලෙන්ගතුකම වැළඳ ගැනීමට තමා සූදානම් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් “මහින්දට ඡන්දය දුන් ලක්ෂ 58 ක ජනතා අභිලාෂයන් ඉටුකරමු“ මැයෙන් නුගේගොඩදී අද පස්වරුවේ පැවති ජනහමුවට සුභ පැතුමක් එක් කරමින් සඳහන් කළේය. මෙම සුභ පැතුම දයාන් ජයතිලක මහතා සභාවට ඉදිරිපත් කළ…

(0)Comments | February 18, 2015 12:49 pm

යාල දිවියන් නැරඹීමට යාමට පෙර මේ කතාව අහන්න -Video Interview

පරිසර හිතකාමී සංචාරක කර්මාන්තයට ලංකාවට සුවිශේෂී අවස්ථාවක් තිබෙන අතර විවිධත්වයෙන් යුතු සතුන් ඉතාමත් කෙටි කාල පරාසයක් තුළදී නැරඹීමේ අවස්ථාව සංචාරකයෙකුට ලංකාවේදී අත්විඳිය හැකියි. පරිසර හිතකාමී සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට ලංකාවට තිබෙන අවස්ථාව පිළිබඳව ජෝන් කීල්ස් සමාගමේ සහකාර උප සභාපති චිත්‍රාල් ජයතිලක මහතා සමග අද දෙරණ 24X7 නාලිකාවේ BIZ 24X7 වැඩසටහන කළ සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව මෙන්න!

(0)Comments | February 16, 2015 5:57 am

රජයේ සේවකයින්ගේ වාහන බලපත්‍ පැවරිය හැකියි. අපි වෙනස් කළේ නෑ -මුදල් ඇමති

රජයේ සේවකයින්ට තීරු බදු රහිතව වාහනයක් මිලදීගැනීමට ලබාදෙන වාහන බලපත්‍රය ඉදිරියටත් වෙනත් පාර්ශවයකට පැවරිය හැකි බවත් එය වෙනස් කිරීමට රජය කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් මුදල් අමාත්‍යවරයා කියයි. මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේ රජයේ සේවකයින්ට ලබාදෙන වාහන බලපත්‍රය අවුරුදු හතරක් යනතුරු වෙනත් අයෙකුට පැවරිය නොහැකි ආකාරයෙන් චක්‍රලේඛයක් නිකුත් කිරීමට රජය සූදානම් වන්නේ යැයි පළවන…

(0)Comments | February 12, 2015 11:13 am

හයිබ්‍රීඩ් වාහන බද්ද ගැන අග්‍රාමාත්‍යවරයාගේ අවධානය

පසුගිය ජනවාරි 29 වනදාට කලින් ණයවර ලිපි (Letter of Credits) විවෘත කර තිබෙන හයිබ්‍රීඩ් වාහන වෙනුවෙන් අතුරු අයවැය මගින් වැඩිකළ බදු ඒ ආකාරයෙන්ම අය නොකරන්නැයි ලංකා වාහන ආනයනය කරන්නන්ගේ සංගමය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ. මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග අනිද්දාට (12) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව ලංකා වාහන ආනයන කරුවන්ගේ…

(0)Comments | February 10, 2015 7:39 am