Featured News

උතුරු අධිවේගී මාර්ගයට කෝටි 5000 ක් අඩුවෙන් ඇස්තමේන්තුවක් ලැබුණා -මුදල් ඇමති

උතුරු අධිවේගී මාර්ග ව්‍යාපෘතිය ඉදිකිරීම සඳහා පසුගිය රජයට ඇස්තමේන්තු ලබාදුන් චීන සමාගම මාර්ගය ඉදිකිරීමට රුපියල් කෝටි 5000 ක් අඩුවෙන් වර්තමාන රජයට නව ඇස්තමේන්තුවක් ලබාදුන් බව මුදල් අමාත්‍යවරයා කියයි. මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අද කොළඹදී අදහස් දක්වමින් පැවසුවේ උතුරු අධිවේගී මාර්ග ව්‍යාපෘතිය සඳහා රුපියල් කෝටි 24,800 ක් වැයවෙනු ඇතැයි මෙම සමාගම විසින් පසුගිය රජයට ඇස්තමේන්තුවක්…

(0)Comments | January 23, 2015 10:14 am

රවී කියන බිලියන අටේ ගිණුම ගැන ගෝඨා කතා කරයි

මා නමින් ලංකා බැංකුවේ තැප්‍රොබේන් ශාඛාවේ තිබූ ගිණුමක රුපියල් බිලියන 08 ක මුදලක් තිබී එය මහා භාණ්ඩාගාරය යටතට ගත්තායැයි පළවූ පුවත නොමග යවන සුළු එකක් බවත් එය තමාගේ කීර්ති නාමය පළුදු කිරීමට ගොතා ඇති එකක් බවත් හිටපු ආරක්ෂක ලේකම්, ගෝඨාභය රාජපක්ෂ මහතා කියයි. මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා සඳහන් කරන්නේ පැලවත්තේ යුධ හමුදා…

(0)Comments | January 19, 2015 7:43 am

තෙල් ගවේෂණය ඇමති චම්පික යටතට. කෙයාන් ගිවිසුම හෙළි වෙයිද?

පසුගිය රජයේදී ජනාධිපතිවරයා යටතේ තිබූ මෙරට තෙල් ගවේෂණ කටයුතුවල වගකීම දරන ඛනිජ සම්පත් සංවර්ධන කාර්යංශය (Petroleum Resources Development Secretariat-PRDS) නව රජය යටතේ විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය යටතට පත්කර තිබේ. මේ අනුව, මෙරට ඛනිජ තෙල් ගවේෂණ කටයුතු පිළිබඳ වගකීම විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා යටතට පත්ව ඇත. චම්පික රණවක මහතා පසුගියදා චෝදනා කළේ…

(0)Comments | January 16, 2015 7:45 am

කුඩු රජා වෙලේ සුදා ලංකාවට කුදලාගෙන එයි. කුඩු ජාවාරමේ තවත් කෙරුමන් කොටුවන හැඩ

ජාත්‍යන්තර ගණයේ කුඩු ජාවාරම් කරුවෙකු වන ජාත්‍යන්තර පොලීසිය පවා රතු නිවේදන නිකුත් කර තිබෙන ගම්පොළ විතානගේ සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා නැමැත්තා පාකිස්තානයේදී අත්අඩංගුවට ගෙන ලංකාවට ගෙනවිත් තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා අප සමග පැවසුවේ වෙලේ සුදා මේ වනවිට මෙරට ආරක්ෂක අංශ අත්අඩංගුවේ සිටින බවයි. වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා…

(0)Comments | January 14, 2015 7:29 am

නාරාහේන්පිට ගුවන් යානයේ රහස. රේ විජේවර්ධනගේ “ලිහිණියා“ හොල්මන් කරයි

නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ ගබඩාවක තිබී පොලීසිය විසින් ඊයේ සොයාගත් අබලන් වූ ගුවන් යානය, අත් ට්‍රැක්ටරය නිර්මාණය කළ ශ්‍රී ලාංකේය කීර්තිමත් නව නිපැයුම්කරුවෙකු මෙන්ම විද්‍යාඥයෙකු වන රේ විජේවර්ධන මහතාට අයත්ව තිබූ “ලිහිණියා“ නැමති කුඩා ගුවන් යානය වනු ඇතැයි අනාවරණය වේ. මේ නිසා, ගුවන් යානා පිළිබඳව විශේෂ උනන්දුවක් දක්වන පිරිස් සඳහන් කරන්නේ දෙදෙනෙකුට පමණක් ගමන් කළ හැකි…

(0)Comments | January 14, 2015 5:44 am

ඉන්දීය මෝටර් රථ මිල ඉහළ යන හැඩ. මෙන්න! හේතුව

ඉන්දියාව විසින් 2015 වසරේදී මෝටර් රථ, යතුරු පැදි ඇතුළු පාරිභෝගික භාණ්ඩ වෙනුවෙන් ලබාදී තිබෙන බදු සහන කපා දැමීමට සූදානම්වීම හමුවේ ඉන්දියාව තුළ එම භාණ්ඩවල මිල ඉහළ යාමේ නැඹුරුවක් පවතින්නේ යැයි වාර්තා වේ. ඉන්දීය මුදල් අමාත්‍යංශය පවසා තිබෙන්නේ 2014 දෙසැම්බර් 31 වනදායින් අවසන් වූ සමහර තීරු බදු සහනයන් අළුත් කිරීමට පියවර නොගන්නා බවයි. මේ අනුව, ඉන්දීය…

(0)Comments | January 2, 2015 5:12 am

දැවැන්ත ඔඩෙල් සාප්පු සංකීර්ණයක් සමග ප්‍රාදේශීය අලෙවිසැල් රැසක් වැසේ. odel බත්තරමුල්ල විකිණීමේ සැලසුමක්

මෙරට ප්‍රමුඛතම විලාසිතා අලෙවිසැල් ජාලයක් වන ඔඩෙල් සමාගමේ බලය පසුගියදා අත්පත් කරගත් සොෆ්ට්ලොජික් සමූහය විසින් කොළඹ 07, ඇලෙක්සැන්ඩ්‍රා පෙදෙසේ ඔඩෙල් ප්‍රධාන අලෙවිසැල තිබෙන භූමියේ රුපියල් බිලියන 3.5 ක විශාල ආයෝජනයකින් දැවැන්ත සාප්පු සංකීර්ණයක් ඉදිකිරීමට සූදානම් වේ. සොෆ්ට්ලොජික් සමූහයේ සභාපතිවරයා මෙන්ම ඔඩෙල්හි, විධායක අධ්‍යක්ෂවරයා සහ සභාපතිවරයා වන අශෝක් පතිරගේ මහතා අප සමග සඳහන් කළේ මෙම දැවැන්ත…

(0)Comments | December 6, 2014 5:06 am

මේ විස්කි බෝතලය රුපියල් ලක්ෂ 49 ක් වටින රහස මෙන්න! –Video

ස්කොට්ලන්තයේ Balvenie distillery සමාගම විසින් විස්කි නිෂ්පාදනය කිරීම සඳහා 1963 වසරේදී පුරවන ලද ඉපැරණි පීප්ප වලින් පසුගියදා විස්කි නිෂ්පාදනය කෙරුණු අතර වසර පනහක් පදම් කළ මෙම බෝතලයක මිල මෙරට මුදලින් රුපියල් ලක්ෂ 49 කට ආසන්න බව වාර්තා වේ. පසුගිය වසර 50 පුරාම මෙම පීප්ප රැකබලාගෙන තිබෙන්නේ ලොව සුප්‍රසිද්ධ විස්කි නිෂ්පාදකයෙකු වන David Stewart නැමැත්තායි. මෙම…

(0)Comments | November 27, 2014 7:18 am

යෙන් මුදල කඩා වැටීමෙන් ජපන් කාර් මිල තව තවත් අඩුවෙයිද ?

ජපාන යෙන් මුදල විශාල ලෙස අවප්‍රමාණය වීම නිසා මේ වනවිට ජපාන මෝටර් රථ ඇතුළුව ජපාන භාණ්ඩවල මිල අඩුවී තිබෙන අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විදෙස් මාධ්‍ය සමග සඳහන් කර තිබෙන්නේ මේ තුළින් ලංකාව ලබාගෙන තිබෙන යෙන් ණය මුදල්වල වාරික ගාස්තුව කෙටි කාලයක් සඳහා හෝ අඩුවීම වාසියක් බවයි. කෙසේවෙතත්, ඇමරිකානු ඩොලරයට…

(0)Comments | November 25, 2014 6:05 am

Viva Elite අළුත් මුහුණුවරකින් එළි දකී

මැලේසියානු පෙරුඩුවා මෝටර් රථ සමාගම විසින් නිපදවන Viva Elite මෝටර් රථය ලංකාවේ විකිණීම නතර කිරීමට යුනයිටඩ් මෝටර්ස් සමාගම තීරණය කර තිබේ. මෙම මෝටර් රථ මෙරට අලෙවි කිරීමේ නියෝජිතයා වන යුනයිටඩ් මෝටර්ස් සමාගම සඳහන් කරන්නේ මෙම මෝටර් රථය තවත් වැඩි දියුණු කර නවතම මෝටර් රථයක් ලෙසින් ඉදිරියේදී එළිදැක්වීමට නියමිත බැවින් Viva Elite මෝටර් රථය අලෙවිය නතර…

(0)Comments | November 15, 2014 7:59 am