හෝමාගම පිටිපන පිහිටි NSBM හරිත සරසවිය අද (26) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිසු අයිතියට පැවරේ. අක්කර 26ක භූමි භාගයක පිහිටා ඇති මෙම සරසවියේ ගොනැගිලි වපසරිය වර්ග මීටර් 80,000ක් පමණ වේ. මෙහි එකවර සිසු සිසුවියන් 30,000කට පමණ අධ්‍යාපනය හැදෑරිය හැකි අතර මේ සඳහා රුපියල් බිලියන 10.2ක් ආයෝජනය කොට ඇත.
කොළඹ කොටස් වෙළෙඳපොළ අද දින ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 18.63 කින් ඉහළ ගිය අතර එහි අගය ඒකක 6,436.97 ක් ලෙසින් වාර්තා විය. මෙහිදී වාර්තා වූ සුවිශේෂී සිදුවීම නම් මාස 31 ක කාලපරිච්ඡේදයක් තුළ වාර්තා වූ අඩුම දෛනික පිරිවැටුම අද (25) දිනයේ දී වාර්තා වීමයි. අද දින ගනුදෙනු අවසානයේ දී දෛනික පිරිවැටුම…
හැටන් නැෂනල් බැංකුව විසින් රු. 100 බැගින් නිකුත් කරන ලද ණයකර මිලියන 50 ක් වෙනුවෙන් අධිදායකත්වයක් ලැබී ඇතැයි වාර්තා වේ. මෙහිදී අධිදායකත්වයක් ඇතිවුවහොත් තවත් මිලියන 10 ක ණයකර නිකුතුවක් සඳහා විකල්පයක් ද සමඟින් දියත් වූ මෙම නිකුතුව සඳහා රුපියල බිලියන 6 කට අධික වටිනාකමකින් යුතු අයදුම් ලැබී ඇතැයි බැංකුව විසින් කොළඹ කොටස් වෙළඳපොළ වෙත දන්වා…
නොරොච්චෝලේ ලක්විජය තාප බලාගාරයේ පසුගිය දා සිදු වූ බිඳවැටීමට පිළිබඳ ව ස්වාධීන පරීක්ෂණයක් කිරීම සඳහා ඉහළ මට්ටමේ ත්‍රී පුද්ගල කමිටුවක් පත් කිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පියවර ගෙන ඇත. හිටපු නීතිපතිවරයෙකු හා ජනාධිපති උපදේශකවරයෙකු වන සිබ්ලි අසීස් මෙම කමිටුවේ ප්‍රධානත්වය දරන අතර ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ විදුලි හා ඉංජිනේරු අංශයේ ප්‍රධානී ආර්.අයි. සේනාරත්න…
හේමාස් සමූහය හා Minor Hotels එක්ව ශ්‍රී ලංකාවේ දියත් කරන ලද දෙවන අතිසුඛෝපභෝගී අනන්තාරා හෝටල් සංකීර්ණය පසුගිය දා විවෘත කෙරිණි. කාමර 141 කින් සමන්විත මෙම හෝටල් පරිශ්‍රය ඉන්දියානු සාගරයට හා කළු ගඟට මායිම්ව අති සුන්දර කළපු වෙරළ තීරයක ඉදිකරන ලද්දකි. මෙම හෝටලය ලොව විශිෂ්ටතම ගෘහ නිර්මාණ ශිල්පියෙකු ලෙසින් ගෞරවාදරයට පාත්‍ර වූ ජෙෆ්රි බාවා විසින් නිර්මාණය…
ශ්‍රීලංකන් ගුවන් සමාගම ශ්‍රී ලංකා විශිෂ්ඨ සේවා යෝජක සන්නම සම්මාන උළෙලේ සහ ලෝක මානව සම්පත් සංවර්ධන කොංග්‍රසයේ (World HRD Congress) 2016 දකුණු ආසියා පාර්ෂව හමුව සහ ව්‍යාපාර සම්මාන උළෙලේ දකුණු ආසියාවේ ආයතනික අංශය සඳහා වන මානව සම්පත් ක්‍රියාකරකම් සහ CSR ව්‍යාපෘති වෙනුවෙන් ගෞරවාන්විත සම්මාන 2කින් පසුගියදා පිදුම් ලැබීය. ශ්‍රීලංකන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂ කර්නල් සුනිල් පීරිස්…
පුද්ගලික නිකුතුවක් හරහා ආසියානු සංවර්ධන බැංකුව (ADB) වෙත සිදු කිරීමට නියමිත කොටස් නිකුතුව වෙනුවෙන් සමාගමේ කොටස්කරුවන්ගේ අනුමැතිය ලබා ගැනීම සඳහා හෙට දින (ඔක්තෝබර් 26) පැවැත්වීමට නියමිතව තිබූ අතිවිශේෂ මහා සභා රැස්වීම අවලංගු කළ බව හැටන් නැෂනල් බැංකුව විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී තිබේ. බැංකුවේ කොටස්කරුවකු වන Stassen Exports Ltd විසින් ගොනු කරන ලද…
2017 අයවැය යෝජනාවලිය සකස් කිරීම සඳහා රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති යෝජනා භාර ගැනීම මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) මුදල් අමාත්‍යාංශයේ දී සිදු කෙරිණි. මේ සඳහා රාජ්‍ය ආයතන රැසක වෘත්තීය සමිති නියෝජිතයෝ සහභාගී වී සිටියහ. ඉදිරි අයවැය ලේඛනය සකස් කිරීමේ දී ඇතුළත් විය යුතු කරුණු රැසක් පිළිබඳ මෙහි දී…
2006 අංක 6 දරණ මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ විධිවිධාන ප්‍රකාරව ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය, 2016 ඔක්තෝබර් 19 වන දින ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සමඟ අවබෝධතා ගිවිසුමකට එළැඹිණි. මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ෂන සහ නඩු පැවරීම් සඳහා අවශ්‍ය තොරතුරු හුවමාරු කර ගැනීම මෙහි මූලික…
2016 මැයි මාසයේ සිට මේ දක්වා කාලය තුළ දී ලංකා දුම්කොළ සමාගමේ කොටසක මිල සියයට 27 කින් පහළ ගොස් තිබේ. මෙම කාලපරිච්ඡේදය තුළ සමාගමේ කොටස් මිල හැසිරීම නිරීක්ෂණය කිරීමේ දී මේ බව අනාවරණය වේ. මේ අනුව පසුගිය මැයි 16 වන දින වන විට රු. 1,140.00 ක් දක්වා ඉහළ මිලකට ගනුදෙනු වුණු දුම්කොළ සමාගමේ කොටස් මිල…
Video Story