Top News

වස්කඩුව වෙරළේ සිරියාව ඔප කරනා තරුපහේ සිට්‍රස් හෝටලය

මෙරට සංචාරක කර්මාන්තය දිනෙන් දිනම හිස ඔසවමින් තිබෙන තීරණාත්මක අවස්ථාවක වස්කඩුව වෙරළේ කාමර 150 කින් යුක්ත තරුපහේ සුපිරි සිට්‍රස් වස්කඩුව හෝටලය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ශ්‍රී ලංකාව විස්සයි විස්ස ලෝක කුසලානය දිනාගත් ජයග්‍රාහී ඉරිදා දිනයේ (06) විවෘත කළේය. සුන්දර මෙන්ම නිස්කලංක පරිසරයක පිහිටි අක්කර 9.5 ක භූමි භාගයක ඉදිකර තිබෙන සිට්‍රස් ලෙෂර් පීඑල්සී සමාගමට…

(0)Comments | April 8, 2014 8:42 pm

අපේ ඒක පුද්ගල ආදායම වැඩිවීම හිතුවටත් වඩා වේගවත් බව මුදල් ලේකම් කියයි

ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම 2016 වසරේදී ඩොලර් 4000 ක් දක්වා වැඩි කිරීමේ ඉලක්කය සැලසුම් කළ කාලයටත් වඩා ඉක්මනින්ම ළඟාකර ගත හැකි බවත් 2016 වනවිට ලබාගත යුතු ඉලක්කය ඩොලර් 5000 ක් දක්වා වැඩි කිරීමට සිදුවිය හැකි බවත් මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා කියයි. මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා මේ බව අනාවරණය කළේ 2013 මහ බැංකු…

(0)Comments | April 8, 2014 9:05 am

අධිවේගියේ මාතර සිට මහරගමට බස් පෝලිමට

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට මහරගම දක්වා බස්රථ ධාවනය අද පළමු වරට ආරම්භ කෙරුණු අතර මෙහිදී ධාවනය සඳහා බස්රථ 20 ක් යොදවා තිබේ. ලංකා ගමනා ගමන මණ්ඩලය බස්රථ 10 ක්ද පුද්ගලික අංශය බස්රථ 10 ක්ද මාතර සිට මහරගම දක්වා දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය සඳහා යොදා ඇත. මාතර සිට මහරගම දක්වා බස් ගාස්තුව රුපියල් 500 කි.

(0)Comments | April 8, 2014 3:05 am

ඩො.මි. 500 ජාත්‍යන්තර බැඳුම්කරයේ අලෙවිය ඇරඹෙයි

ඩොලර් මිලියන 500 ක් රැස්කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව විසින් නිකුත් කරන නවතම සෛවරීත්ව බැඳුම්කරයේ ජාත්‍යන්තර අලෙවි කටයුතු ආරම්භ කර ඇතැයි බ්ලූම්බර්ග් පුවත් සේවාව වාර්තා කරයි. වසර පහකින් කල් පිරෙන මෙම බැඳුම්කරයේ මිල මාර්ගෝපදේශනය සියයට 5.5 ක් පමණ වනබව සඳහන්ය. ලංකාව විසින් පසුගිය ජනවාරි මාසයේදීද ඩොලර් බිලියනයක ජාත්‍යන්තර බැඳුම්කර නිකුතුවක් සිදුකරන ලදී.

(0)Comments | April 7, 2014 10:14 am

රොටානා ජෙට් මත්තලට එන දිනය තීන්දුයි

අබුඩාබියේ රොටානා ජෙට් ගුවන් සේවය මත්තල ගුවන් තොටුපොළට පියාසර කරනු ඇතැයි අපි මෙයට පෙර අනාවරණය කළ අතර එම ගුවන් ගමන් අප්‍රේල් 09 වනදා සිට ආරම්භ කිරීමට සූදානම් වේ. මේ අනුව, සතියකට ගුවන් ගමන් වාර තුනක් මත්තල සහ කටුනායක ගුවන් තොටුපොළවල් වලට රොටානා ජෙට් විසින් ක්‍රියාත්මක කරනු ඇත. මෙහිදී, එයාර්බස් 319 ගුවන් යානයක් භාවිතා කරන අතර…

(0)Comments | April 7, 2014 9:58 am

බැංකුවල කෙරුවාව ගැන මහ බැංකු අධිපතිගේ සතුට

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වාණිජ බැංකු සිය පොලී අනුපාත සතුටුදායක මට්ටමක් දක්වා පහළ දමා ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා කියයි. මහ බැංකුව විසින් පොලිය අඩුකළත් වාණිජ බැංකු විසින් එයට සාපේක්ෂව පොලිය අඩු නොකිරීම ප්‍රශ්නයක් වන්නේදැයි අප කළ විමසීමට පිළිතුරු ලබාදෙමින් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා මේ බව පැවසීය. කෙසේවෙතත්, ඇතැම් ආර්ථික විශ්ලේෂකයින් තර්ක…

(0)Comments | April 7, 2014 1:09 am

ෆොන්ටෙරා සමාගමට ඩොලර් 300,000 ක දඩයක්

2013 වසරේ ලෝකය පුරා බොටුලිසම් බැක්ටීරියා භීතිකාවක් පැතිර ගිය සමයේ ආහාර ආරක්ෂණ නීති හතරක් උල්ලංඝනය කළායැයි පිළිගෙන තිබෙන ලෝකයේ විශාලතම කිරිපිටි නිෂ්පාදන සමාගම වන ෆොන්ටෙරා සමාගමට නවසීලන්ත ඩොලර් 300,000 ක දඩ මුදලක් පනවා තිබෙන බව වාර්තා වේ. මේ පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන අතර මෙම බොටුලිසම් බැක්ටීරියා භීතිකාව නිසා එකළ නවසීලන්තයෙන් කිරිපිටි ආනයනය කිරීම…

(0)Comments | April 4, 2014 9:51 am

කටුනායක අධිවේගියේ බස් ගාස්තු පහළට

කටුනායක අධිවේගී මාර්ගයේ ලංගම බස් ගාස්තු අද සිට ක්‍රියාත්මක වන පරිදි අඩුකර තිබේ. නව සංශෝධනය අනුව කොළඹ සිට මීගමුව දක්වා තිබූ රුපියල් 150 ක ගාස්තුව රුපියල් 120 ක් දක්වා අඩුවන අතර කොළඹ සිට කටුනායක දක්වා තිබූ රුපියල් 130 ක ගාස්තුව රුපියල් 120 ක් දක්වා අඩුකර ඇත.

(0)Comments | April 4, 2014 6:11 am

අන්ධ පුද්ගලයින් ගැන සිතා ඉලෙක්ට්‍රික් කාර් වලින් ශබ්දය පිට කිරීම අනිවාර්ය කරයි

විශේෂයෙන්ම අන්ධ පුද්ගලයින්ගේ ආරක්ෂාව සඳහා ඉලෙක්ට්‍රික් හා හයිබ්‍රීඩ් මෝටර් රථ විසින් අනිවාර්යෙන්ම ශබ්දය පිට කළ යුතුව ඇතැයි යුරෝපීය පාර්ලිමේන්තුව පවසයි. මේ පිළිබඳව වාර්තා කරමින් විදෙස් මාධ්‍ය පවසන්නේ මේ අනුව, මෙම මෝටර් රථ වලට ශබ්දය පිට කරන උපකරණ සවි කිරීමට මෙහිදී එකඟ වී තිබෙන බවයි. මෙය නව නීතියක් ලෙස නීතිගත කිරීමට යුරෝපීය කවුන්සලය විසින් බලාපොරොත්තු වේ.

(0)Comments | April 3, 2014 10:49 am

ලංකාව අවසන් තරගයට ආවොත් අපිත් එක්ක බංග්ලාදේශයට යන්න ඔබත් එන්න

අයි.සී.සී. ලෝක කුසලාන විස්සයි-විස්ස තරගාවලියේ අද පැවැත්වෙන බටහිර ඉන්දීය කොදෙව් තරගය ශ්‍රී ලංකාව ජයගතහොත් ලබන ඉරිදා ශ්‍රී ලංකාව තරග වදින අවසන් මහා තරගය නැරඹීම සඳහා ක්‍රීඩා ලෝලීන්ට බංග්ලාදේශයට යාම ඇතුළු පහසුකම් සැපයීමට ජෝර්ජ් ස්ටුවර්ට් ට්‍රැවල්ස් සමාගම සහ මිහින් ලංකා අත්වැල් බැඳගනී. මේ අනුව, ශ්‍රී ලංකාව අවසන් මහා තරගයට පැමිණය හොත් ලබන ඉරිදා (06) උදෑසන මිහින්…

(0)Comments | April 3, 2014 8:55 am